බුද්ධි තොරතුරක් හේතුවෙන් කොළඹ ආරක්‍ෂාව දැඩිවේ . . .

පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවමින් අද පෙරවරුවේ සිට කොළඹ විශ්ව විද්‍යාලය අවට දැඩි ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ, රජයට දැඩි බලපෑමක් කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට ලද බුද්ධි තොරතුරක් හේතුවෙන්.

මේ අනුව කොළඹ නිදහස් චතුරශ්‍රය සහ අවට ප්‍රදේශය, කොල්ලුපිටිය මංසන්ධිය අවට ප්‍රදේශය, අරලියගහ මන්දිරය අවට ප්‍රදේශය සඳහාද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ඒ සඳහා පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව සහ කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට කොළඹ කොටුව ලංකා බැංකු මාවත අවට ආරක්ෂාව ද තර කර තිබුණා.

රජයට දැඩි බලපෑමක් කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට රජයේ ඉහළම තැන් වෙත බුද්ධි තොරතුරක් ලැබී ඇති අතර එය කොළඹ විශ්ව විද්‍යාලය මුල් කරගෙන ක්‍රියාත්මක වන බවටයි වාර්තා වී ඇත්තේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ආචාර්ය, මහාචාර්ය තනතුරු අවභාවිතාවට වැට . . .

Sat May 13 , 2023
ආචාර්ය, මහාචාර්ය තනතුරු අවභාවිත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිමය බලයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නැතැයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග එම කමිටුවට පසුගියදා දැනුම් දුන්නේය. කමිටුව ඉහත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x