තිලිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කළ දේශපාලනඥයන් කවුද ?

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත. ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින තිලිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කළ දේශපාලනඥයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්ය.

මෙහිදී මන්ත්‍රිවරයා තමන් සතු ලියකියවිලි කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවට වාර්තා වෙයි. මේ අතර මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ සිය සමාජ මාධ්‍ය ගිණුම්වල ද සටහනක් තබමින් කියා සිටියේ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් . . .

Sun Oct 9 , 2022
දේශීය සනීපාරක්ෂකතුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඔක්තොම්බර් මස 07 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පොලිතීන් පටල සහ පොලිප්‍රොප්ලීන් පටල යටතේ වර්ගීකරණය වන අමුද්‍රව්‍ය ආනයනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x