රාජ්‍ය සේවයේ ඇඟිලි සලකුණු සඳුදා සිට අනිවාර්යයි . . .

සියලුම රාජ්‍ය සේවකයන් සඳුදා (මැයි 15) සිට සේවයට පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය කර ඇති බව රාජ්‍ය පරිපාලන ලේකම්, රංජිත් අශෝක ‘ඉරිදා මව්බිම’ට  පැවසීය. මීට අදාළ වන චක්‍රලේඛය නිකුත් කළ බව ලේකම්වරයා සඳහන් කළේ ය.

ඒ අනුව, 2021.10.01 දිනැති 02/2021 (ම) හි 07 ඡේදයේ විධිවිධාන අද සිට ක්‍රියාත්මක කෙරෙන බව අදාළ චක්‍රලේඛයෙහි සඳහන් වෙයි. එම චක්‍රලේඛයේ විධිවිධානයන්ට අනුකූලව කටයුතු කිරීමට සියලුම ආයතන ප්‍රධානීන් විසින් වගබලා ගත යුතු බව ද එහි දක්වා තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත එම චක්‍රලේඛය යොමු කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පහත්බිම් රැසක් ජලයෙන් යටවේ . . .

Sun May 14 , 2023
දිස්ත්‍රික්ක රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්කවල දහස් සංඛ්‍යාත පිරිසක් අපහසුතාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (14) පස්වරුවේ පැවසීය. ගාල්ල, හම්බන්තොට, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රිකකවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පසුගිය පැය 24 තුළ අධික වාර්ෂාවක් ලැබී ඇති බවත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයට මිලිටීටර 100 අධික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x