කළුතරට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් . . .

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින  සැකකරුවෝ හතරදෙනා  අද (15) දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබූහ.

දැරිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ, හෝටලයේ හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා  මෙලෙස අධිකරණයට රැගෙන විත් තිබිණී.

සැකකරුවන් අධිකරණයට රැගෙන එන මොහොතේ, මියගොස් ඇති දැරියගේ මව ඇතුළු 100 කට ආසන්න පිරිසක් අධිකරණ භූමියෙන් පිටත ඉදිරිපිට ගාලුපාරේ පෙළගැසී දැරියට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා නිහඩ විරෝධතාවකද නියැලී සිටීයහ.

මියගිය දැරියට සාධාරණය  ඉටුකරනු, පොලිසිය විමර්ශන නිසියාකාරව සිදුකරනු, ප්‍රමිතියකින් තොර ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු යන මැයෙන් විරෝධතා පුවරු අතැතිව  ගාලුපාරේ මීටර් 50 ක පමණ දුරකට පෙළගැසී සිටී විරෝධතාකරුවෝ නිහඩ විරෝධතාවේ නියැලී සිට මද වේලාවකට පසු විසිර ගියහ.

දැනට රිමාන්ඩ් බාරයේ පසුවන ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිවු දෙනාගෙන් තිදෙනකු මැයි 26 දක්වා යළ රිමාන්ඩ් බාරයේ තබන්නැයි කළුතර මහේස්ත්‍රාත් අද නියෝග කළේය. දැරිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ, සහ ප්‍රධාන සැකකරු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළ අතර හෝටලයේ හිමිකරුගේ බිරිඳ ඇප මත මුදාහරින්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය

කළුතර නගරයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අයුරු දකින්නට ලැබිණි.

  • සුමිත් පොතුපිටිය
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මැගසින් බන්ධනාගාරයේ විනය භාර නිලධාරියාට මැර ප්‍රහාරයක් . . .

Mon May 15 , 2023
කොළඹ මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ කාර්ය භාර නිලධාරියාගේ නිවසට කඩා වැදී ගිනිඅවියක් එල්ල කර පහර දී දණ ගස්වා වීඩියෝ කළ පාතාල සාමාජිකයන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව ගම්පහ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි. සන්නද්ධ පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් පහර කෑ බන්ධනාගාර නිලධාරියා මිනුවන්ගොඩ රෝහලට ඇතුළු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x