මැගසින් බන්ධනාගාරයේ විනය භාර නිලධාරියාට මැර ප්‍රහාරයක් . . .

කොළඹ මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ කාර්ය භාර නිලධාරියාගේ නිවසට කඩා වැදී ගිනිඅවියක් එල්ල කර පහර දී දණ ගස්වා වීඩියෝ කළ පාතාල සාමාජිකයන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව ගම්පහ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.

සන්නද්ධ පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් පහර කෑ බන්ධනාගාර නිලධාරියා මිනුවන්ගොඩ රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට මාරු කර තිබේ.

සංඛ කුසල් මාරසිංහ නම් වූ මෙම නිලධාරියා මැගසින් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට සහ මත්ද්‍රව්‍ය අලෙවි කරන සිරකරුවන් කොටු කර ගැනීම සඳහා විශාල කාර්ය භාරයක් කළ නිලධාරියෙකු බව මැගසින් බන්ධනාගාරය අවධාරණය කරයි.

දැනට ලැබී ඇති තොරතුරුවලින් අනාවරණය වන්නේ, මීට මසකට පෙර බන්ධනාගාරයේ සිටි රැඳවියෙකුගේ උපන්දින සාදයක් නිමිත්තෙන් බන්ධනාගාරය තුළට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් මෙම නිලධාරියා කොටු කර ගැනීමට එරෙහිව මෙම පහර දීම කිසියම් රැඳවියෙකු විසින් සැලසුම් කර ඇති බවයි. එමෙන් ම මීට පෙර ද මෙම නිලධාරියාට මරණ තර්ජන එල්ල කර තිබූ බව ද ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඉකුත් 12 වන දා අලුයම් කාලයේදී ගිනිඅවියක් ද අතැතිව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම බන්ධනාගාර නිලධාරියාගේ නිවසට කඩා වැදුණු තිදෙනෙකු, “මාරසිංහ මහත්තයා ‍ෙදාර පොඩ්ඩක් අරින්න” යැයි කියමින් ‍දොර ට තට්ටු කර තිබේ. ‍

දොර විවර කර ඇති අතර ඒ සැණින් ඔවුන් නිවස තුළට ඇතුළු වී, “රටේ කුඩු නවත්වන්න බැරි එකේ බන්ධනාගාරයේ කුඩු නවත්වන්න උඹ මොන මිනිහෙක් ද යකෝ? අපේ දේවල්වලට ඇඟිලි ගහලා වීරයෙක් වෙන්න හදන්න එපා,” යැයි පවසා පහර දීම කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඔවුන් තිදෙනා ම මුහුණු ආවරණ පැළඳ කළු පැහැති ජැකට් දමාගෙන සිට තිබේ.

මැරයන් නිවස තුළට කඩා වැදීමත් සමග කාමරයක නිදා සිටි ඒ මහතා ඉන් පිටතට පැමිණ ඇති අතර මැරයන් ඔහුට පිස්තෝලය එල්ල කළ දණගස්වා පහර දී තිබේ.

මැරයන් මොහුට මෙන් ම මවටත් අතින් පයින් මෙන් ම පිස්තෝල මිටෙන් ද පහර දීමත් සමග ඔහුගේ දෑත් සිප් පටියකින් ගැට ගැසීමට ද ඔවුන් කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙසින් ඒ මොහොතේ ම විමර්ශන ආරම්භ කළ අතර එහිදී අනාවරණය වූයේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා යතුරුපැදියකින් මාරසිංහගේ නිවසට පැමිණ ඇති බව ය.

මිනුවන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශය සහ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ සඳහා බුද්ධි නිලධාරීන් ද යොදවා ඇතැයි වාර්තා වේ.

  • කීර්ති මෙන්ඩිස්, කුමුදු උපුල් ශාන්ත, මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරළ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සාමාන්‍ය පෙළ වෙනුවෙන් පෙර සූදානම් සැලැස්මක් . . .

Mon May 15 , 2023
අද (15) විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර වෙත සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් සකස් කරන ලද හදිසි ආපදා ප්‍රතිචාර පෙර සුදානම් සැලැස්ම නිල වශයෙන් භාර දී තිබේ. එම සැලැස්ම බාර දුන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසංහ  විසිනි. එනම්, නිරිතදිග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x