ඡන්ද හිමි නාමලේඛනයේ Online ලියාපදිංචිය . . .

ඡන්ද හිමි නාමලේඛනයේ මාර්ගගතව (online) ලියාපදිංචි වීම සඳහා ජුනි 15 වනදා දක්වා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මහජනතාවට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව යන වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගතව ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට ඉල්ලුම් කළ හැකි බව එම කොමිසම සඳහන් කරයි.

මෙම මාර්ගගත ක්‍රමය හරහා මුල්වරට ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කිරීම, 2023-02-01 වන දින වනවිට පදිංචිය වෙනස් වූ පුද්ගලයන්ගේ පදිංචි ස්ථානය මාරු කිරීම සඳහා ඉල්ලුම් කිරීම මෙන්ම නම, ජාතික හැඳුනුම්පත් අංකය, උපන්දිනය ඇතුළු තොරතුරුවල දෝෂ පවතින්නේ නම් ඒවා නිවැරදි කිරීමට ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බව සඳහන් වේ.

එසේම වයස අවුරුදු 18 සම්පූර්ණ වන යොවුන් පුරවැසියන්ටද ඉදිරි පරිපූරක නාමලේඛන සඳහා ලියාපදිංචි වීමට “​යොවුන් පුරවැසියන් ලියාපදිංචි කිරීම” යන යොමුව ඔස්සේ ඉල්ලුම් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රවීණ ගායක ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්තවේ . . .

Thu May 18 , 2023
ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය යන විට  87 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. අවුරුදු එක හමාරක පමණ කාලයක් රෝගාතුර වීම හේතුවෙන් වැඩිමහල් දියණියගේ නිවසේ පදිංචිව සිට ඇති අතර අද දින (18)උදෑසන කාලයේ ඒ මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි පැවසෙන්නේ. හා මල් පිපෙන්නෙ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x