මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් අල්ලන නව ක්‍රමයක් . . .

 

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය ධාවනය කරන රියදුරන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යන බැවින්  මාර්ග අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවය අඩුකරගැනීම අරමුණු කරගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමෙහි ලා  මූලික සාකච්ඡාව (16) දින ප්‍රවාහන රාජ්‍ය  අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ මරදාන පරිශ්‍රයේදී පැවැත්විණි.

මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීමේ පළමු පියවර ලෙස ශ්‍රි ලංකා පොලීසියට ලබා දී තිබෙන මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු කෙරෙන ඛේට පරික්ෂණ කට්ටල භාවිතා කරමින් රියදුරු මහතුන්ගේ ඛේට පරික්ෂාවක් සිදුකරනු ලබයි.

එම පරික්ෂණයේදී මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තවදුරටත් තහවුරු කරගැනීම සඳහා පොලීසිය විසින් අදාළ රියදුරා  ළගම තිබෙන රෝහල වෙත යොමු කරනු ලබයි.

එහිදී වෛද්‍යවරයා විසින් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු කෙරෙන පරීක්ෂණ කට්ටල භාවිතා කරමින් මුත්‍රා සාම්පල් පරීක්ෂණයක් සිදුකර අදාළ තොරතුරු පොලීසිය වෙත දැනුම් දෙනු ලබයි. තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා මුත්‍රා සාම්පල් ජාතික රාමධක මණ්ඩලය වෙත යෙමුකරනු ලබයි.

මහින්ද සෙනරත් බණ්ඩාර
මාධ්‍ය ලේකම්

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඡන්ද හිමි නාමලේඛනයේ Online ලියාපදිංචිය . . .

Wed May 17 , 2023
ඡන්ද හිමි නාමලේඛනයේ මාර්ගගතව (online) ලියාපදිංචි වීම සඳහා ජුනි 15 වනදා දක්වා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මහජනතාවට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව යන වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගතව ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට ඉල්ලුම් කළ හැකි බව එම කොමිසම සඳහන් කරයි. මෙම මාර්ගගත ක්‍රමය හරහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x