ජොනී තවත් නඩුවකින් නිදහස්වේ . . .

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යොදවා රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබ ඇත. අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබ ඇති මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබිණි.

එම මූලික විරෝධතා පිළිගත් විනිසුරුවරයා අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අය නිදහස් කරන ලෙස නියෝග කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෝටි 4 ක රත්තරන් රේගුව භාරයට . . .

Fri May 19 , 2023
ඩුබායි සිට පැමිණි ගුවන් මගියකුගේ ගමන් මලුවල තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පැවසීය. කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන 35 හැවිරිදි අදාල පුද්ගලයා කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී පරීක්‍ෂා කිරීමේ රත්තරන් කම්බි ලෙස සකස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x