දරුවකු පැහැර ගත් අයට ගම්මු පහර දෙති . . .

ලීසිං වාරික නොගෙවූ යතුරු පැදියක් අත්පත් කරගත් පුද්ගලයන් දෙදෙනකු එය පදවාගෙන ආ 15 හැවිරිදි දරුවාද සමග පැහැරගෙන ගොස් පැය කිහිපයකට පසු දරුවා යළි ගෙනැවිත් දමන අවස්ථාවේදී ගම්වාසීන්ගේ ප්‍රහාරයකට ලක්වූ දෙදෙනකු මුදාගෙන බරපතල තත්වයේ සිටි එක් අයකු රෝහල්ගත කළ බව මීරිගම පොලිසිය කියයි.

මීරිගම මුගුරුගම්පල ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවා ඔහුගේ පියාගේ යතුරු පැදියෙන් කිසියම් අවශ්‍යතාවයකට කඩයක් අසලට පැමිණ සිටියදී ත්‍රීරෝද රියකින් පැමිණ දෙදෙනකු දරුවාගෙන් යතුරු පැදිය ලබාගෙන දරුවාද ත්‍රීරෝද රියට නංවාගෙන නිට්ටඹුව බලා ගොස් ඇත.

මේ අතර තම දරුවා ආගිය අතක් නැති බවට මාපියන් පොලිසිය දැනුවත් කරනු ලැබ ඇති අතර ගම්වාසීන්ද දරුවා සෙවීමේ සහය දී ඇත. මේ අතර පැය කිහිපයකට පසු ත්‍රීරෝද රියකින් පැමිණි දෙදෙනකු දරුවා බස්සවා යාමට උත්සාහ කරද්දී ඔවුන් අල්ලා ගැනීමට ගම්වාසීන් සමත්වී ඇත. ඒ අවස්ථාවේදී ත්‍රිරෝද රියට ද දැඩි ලෙස හානි සිදු කර ඇත.

සිද්ධිය සැලවූ වහාම මීරිගම පොලිසියේ නිලධාරි පිරිසක් එහි ගොස් ගම්වාසීන්ගේ ග්‍රහණයට ලක්ව සිටි දෙදෙනා බේරාගෙන අත්අඩංගුවට ගෙන එක් අයකු මීරිගම රෝහලට ඇතුලත් කිරීමට පියවර ගනු ලැබීය.

රෝහල් ගත කරනු ලැබූ පුද්ගලයා දරුවා ආපසු ගෙන එන අවස්ථාවේ කුලී පදනම මත ත්‍රීරෝද රිය රැගෙන ආ අයකු බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

  • පුෂ්පකුමාර මල්ලවආරච්චි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සූර් වූ බස් රියදුරන් තිදෙනා පොලිස් දැලේ . . .

Sun May 21 , 2023
මත්ද්‍රව්‍ය පාවිච්චි කර පෞද්ගලික බස්රථ පැදවු  රියදුරන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල පිටකොටුව , කඩුවෙල කොටුව සහ කොහිලවත්ත පුරහල අතර ධාවනය වන බස් රථ වල රියදුරන් තිදෙනෙකි. බොහෝ රියදුරන් මත් ගතියෙන් බස්රථ ධාවනය කරන බවට වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x