නිල් මැණිකට වීදුරු ගලක් තියා මාරුවෙලා . . .

මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි විදේශිකයන්ට මැණික් අලෙවිකරණ සුප්‍රසිද්ධ අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි තිදෙනෙකු එම ස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 80 ක් වටිනා නිල් මැණික් ගලක් පරීක්ෂා කරන මුවාවෙන් ව්‍යාජ නිල් වීදුරු ගලක් තබා නිල් මැණික් ගල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ .

කෝටිපති ශ්‍රී ලාංකිකයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු තවත් තැරැව්කරුවන් යැයි කියාගන්නා දෙදෙනෙකු සමග පැමිණ මැණික් ගල් පරීක්ෂා කරන මුවාවෙන් එම ලක්ෂ 80 ක් වටිනා නිල් මැණික් ගලට ව්‍යාජ ගලක් යොදා නියම මැණික් ගල සොරකම් කොට එම ස්ථානයෙන් පිටව යාමෙන් පසු එම නිල් මැණික් ගලේ බර වෙනස් වී ඇති බවට ඇති වූ සැකයක් මත එය පරික්ෂා කිරීමේ දී එය ව්‍යාජ මැණික් ගලක් බවට තහවුරු වීමෙන් පසු මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කොට තිබේ .

පොලීසිය පවසන්නේ මෙම වංචනිකයන් මීට පෙර කිසිවකු හෝ යොදවා එම මැණික් ගලේ හැඩය බලාගෙන ගොස් ඊට සමාන හැඩයට ව්‍යාජ මැණික් ගලක් කපා මෙම වංචාව සිදු කොට ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවයි .

ආවේක්ෂණ කැමරා පද්ධති වලින් ලබා ගත් සැකකරුවන්ගේ රූපරාමු ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන සිදු කරයි .

මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් ගේ මෙහෙයවීම යටතේ එහි අපරාධ අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි .

  • ෂේන් සෙනෙවිරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලෙඩ මන්ත්‍රී රක්‍ෂණය මිලියනයක් . . .

Sun May 21 , 2023
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට මෙතෙක් වසරකට ලබාදුන් රුපියල් ලක්ෂ 02ක රක්ෂණ ප්‍රතිලාභය රුපියල් මිලියනයක් (රු. 1,000,000) දක්වා ඉහළ දැමීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට යෝජනා කර තබේ. මේ වසරේ අගෝස්තු මස 20 වැනිදා සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මෙම නව ප්‍රතිලාභය හිමිවිය යුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x