උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තුව ඉහළට . . .

ජුලි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ඉහළ දමමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලාංකික වැඩිහිටියන් සහ අවුරුදු 15ට වැඩි ළමුන් සඳහා ගාස්තුව රුපියල් 200ක් දක්වා ඉහළ දමා ඇති අතර වයස අවුරුදු 12ට අඩු ළමුන් සහ පාසල් සිසුන් සඳහා ගාස්තුව රුපියල් 30ක් දක්වාත් අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සඳහා රුපියල් 50ක් දක්වාත් ගාස්තු ඉහළ දමා ඇත.

එසේම විදේශික වැඩිහිටියන් සහ අවුරුදු 12ට වැඩි ළමුන් සඳහා ගාස්තුව රුපියල් 3000ක් දක්වා ඉහළ දමා ඇති අතර වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා රුපියල් 1500ක් ලෙසත් පාසල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා රුපියල් 2000ක් දක්වාත් අදාල ගාස්තු ඉහළ දමා ඇති බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලංකාව සරසන දිය ඇලි කොමලියන් . . .

Tue May 23 , 2023
නිරිතදිග මෝසම් වැසි සමඟ ශ්‍රී ලංකාවේ දිය ඇලි විශාල සංඛ්‍යාවක් සංක්‍රියවීම පිළිබඳව තොරතුරු රැසක් බීබීසී සිංහල වෙබ් අඩවිය පළකර තිබේ. එය සම්පූර්ණයෙන්ම උපුටාගෙන පහතින් දැක්වේ. නුදුරේදීම සක්‍රීය වීමට නියමිත නිරිතදිග මෝසම් සමය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වැඩිම වර්ෂාව ලැබෙන කාලයයි. ඒ නිසාම මෙය ශ්‍රී ලංකාවේ සියලුම දිය ඇලි ඉතා මනරම්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x