මහියංගනය පුදබිම පූජා භූමියක් කරයි . . .

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය  උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්  වෙත පිළිගැන්වීය.

මෙත් සවිය නිර්මාතෘ තාරකා විද්‍යාඥ, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා  මහාචාර්ය චන්දන ජයරත්න ගේ ප්‍රධානත්වයෙන් “මෙත් සවිය මනස අධ්‍යාපන මෛත්‍රී සංසදය “මගින් විල්ලුව වැව මධ්‍යයේ ඉදිකළ අඩි 102 ක් පමණ  උසින් යුත් සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරිම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු විය.

ඓතිහාසික මහියංගනය මහ සෑ රඳුන්ගේ ආරක්ෂාව පිණිසත්, විහාර අලංකරණය පිණිසත් ඉදිකළ අඩි 2500ක දිගින් යුත් වලාකුළු බැම්ම විවෘත කිරීමට අදාළ සමරු ඵලකය ද ජනාධිපතිවරයා අතින් නිරාවරණය කෙරිණි.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජාංගනේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට . . .

Mon May 29 , 2023
පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් එළඹෙන ජූනි මස හත් වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත. ආගමික සංහිදියාවට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙම හිමිනම ඊයේ රාත්‍රියේ අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x