ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ මළ සිරුරක් . . .

බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ලක ඉහළ මාලයක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 73 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු එම කාර්යාලයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති බවත් අනාවරණය වී තිබේ.

යුද හමුදා නිලධාරියෙකු සේවා කටයුත්තක් සඳහා අද උදෑසන එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි පිරිසුදු කිරීමේ අංශයට යමින් සිටියදී ඒ ඉදිරිපිට පුටුවක් මත මෙම පුද්ගලයා මියගොස් සිටිනු දැක තිබේ.

ඒ අනුව තලංගම පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි . . .

Sun Jun 4 , 2023
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් අද (4) පෙරවරුවේ පැවසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 181 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 83 කින් ද අඩු කළ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x