කෝටා ක්‍රමයකට අමාත්‍ය ධුර ලබා දීම . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්ට අමාත්‍ය ධුර අනිවාර්යෙන්ම ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත  සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුම අමාත්‍යධුර නොලැබීම පිළිබඳව කනස්සල්ලෙන් පසුවන බවත් මේ පිළිබඳව පක්ෂ මහලේකම් සාගර කාරියවසම් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම ජේෂ්ඨයන් පිරිසට අමාත්‍යධුර හිමිවිය යුතු බව මහින්ද රාජපක්ෂ ද පවසා ඇති බවත් ඒ අනුව ඉදිරි දින කිහිපයේ මෙම සාකච්ඡා නැවත ආරම්භ කරන බව ද ඔහු පැවසීය.

දිස්ත්‍රික් වලින් පළමු තැනට මනාප ගත් අයට අමාත්‍යධුර පිරි ලබාදීම පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන බවත් පැවසූ ඔහු කෝටා ක්‍රමයකට හෝ අමාත්‍ය ධුර ලබා දීම පිළිබඳව ජනාධිපතිවරයා ගේ අවධානය යොමු කරවා ඇති බවද කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බිහාර් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටේ . . .

Mon Jun 5 , 2023
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් හි ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීම සම්බන්ධයෙන් ප්‍රාන්ත ආණ්ඩුව සහ විපක්ෂයේ භාරතීය ජනතා පක්ෂය අතර මත ගැටුම් ඇතිව තිබෙන බවයි. ඊයේ (04) සවස මංතීරු හතරකින් යුත් මෙම පාලම කඩා වැටී ඇති අතර පාලම කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x