ජංගම දුරකථන සහ උපාංග මිල ගණන් අඩු වෙයි . . .

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා මෙම පියවර ගන්නා බවය.

ඒ අනුව, තොග අවසන් වූ වහාම එම වාසිය ජනතාවට ලබාදෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජාතික රෝහලේ ‘ඉන්සියුලින්’ හිඟයක් . . .

Fri Jun 9 , 2023
කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ‘ඉන්සියුලින්’ නොමැතිවීමෙන් රෝගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. ජාතික රෝහලේ දියවැඩියා සායනයෙන් ප්‍රතිකාර ලබාගන්නා බොහෝ රෝගීන් ‘ඉන්සියුලින්’ නොමැති වීමෙන් අසරණ පත්ව සිටින බවත් ‘ඉන්සියුලින්’ නොමැති වීම හේතුවෙන් පෞද්ගලිකව ලබාගන්නා ලෙස වෛද්‍යවරු දැනුවත් කර ඇති අතර ඒ හේතුවෙන් රෝගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x