ජාතික රෝහලේ ‘ඉන්සියුලින්’ හිඟයක් . . .

කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ‘ඉන්සියුලින්’ නොමැතිවීමෙන් රෝගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

ජාතික රෝහලේ දියවැඩියා සායනයෙන් ප්‍රතිකාර ලබාගන්නා බොහෝ රෝගීන් ‘ඉන්සියුලින්’ නොමැති වීමෙන් අසරණ පත්ව සිටින බවත් ‘ඉන්සියුලින්’ නොමැති වීම හේතුවෙන් පෞද්ගලිකව ලබාගන්නා ලෙස වෛද්‍යවරු දැනුවත් කර ඇති අතර ඒ හේතුවෙන් රෝගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

දියාවැඩියා රෝගීන් වැඩි පිරිසක් ‘ඉන්සියුලින්’ මිලදී ගැනීමට මුදල් නොමැතිව සිටින බව කියන වෛද්‍යවරුන් සඳහන් කළේ ඇතැම් රෝගීන්ට මසකට ‘ඉන්සියුලින්’ කුප්පි දෙකක් පමණ අවශ්‍ය බවයි.

‘ඉන්සියුලින්’ කුප්පි පෞද්ගලිකව මිලදී ගැනීමට රුපියල් 1000 කට වැඩි මුදලක් අවශ්‍ය බවත් රෝගීන්ට එය දරා ගැනීමට නොහැකි බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් . . .

Fri Jun 9 , 2023
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කළ” ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම් ” පිළිබඳ වාර්තාවේ සඳහන් වේ. එම කාරක සභාවේ සභාපති ආචාර්ය සරත් වීරසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x