ග්‍රාම නිලධාරි පුරප්පාඩු 3000 ක් . . .

වසර ගණනාවක සිට ග්‍රාම නිලධාරීන් තුන්දහසක පුරප්පාඩු පැවතීම හේතුවෙන් සිය රාජකාරි කටයුතු සිදු කර ගෙන යාමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් අතුල සිලමන් ආරච්චි පැවසීය.

පවතින පුරප්පාඩු හේතුවෙන් එක් ග්‍රාම නිලධාරියෙකුට තම වසමට අමතරව තවත් වසම් කිහිපයකද වැඩබැලීමට සිදු වීම ඊට හේතු වී තිබේ. ග්‍රාම නිලධාරිනියන්ට වසම් කිහිපයක එම කාර්ය සිදු කිරීම අපහසු බවත් හෙතෙම කිවේය. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම නිසා පසුගිය වසරේ (2022) දෙසැම්බර් 31 වැනිදා වන විට ග්‍රාම නිලධාරීන් 500දෙනෙකු විශ්‍රාම ගොස් තිබේ. ඒ අනුව සමස්ත ග්‍රාම නිලධාරී වසම් දාහතරදහස් විසිදෙකක් තිබුණද ඒ සඳහා දැනට නිලධාරීන් සිටින්නේ එකොලොස්දහස් විසිදෙකක් පමණකි.

වව්නියාව දිස්ත්‍රික්කයේ ඇතැම් ග්‍රාම නිලධාරීන්ට තම වසමට අමතරව තවත් වසම් හතරක වැඩබැලීමට සිදු වී ඇති බවත් ඒ සදහා එම නිලධාරීන්ට අමතර දීමනාවක් හෝ ලබා නොදෙන බවත් ලේකම්වරයා සදහන් කළේය. එම නිසා ඉදිරියේදී තම වසමට අමතරව තවත් වසම් කිහිපයක වැඩබැලීමේ ක්‍රියාවලියෙන් ඉවත් වීමට සිදුවන බවද හෙතෙම කීවේය.

පවතින පුරප්පාඩු පිරවීම සදහා කටයුතු කරන ලෙස අවස්ථා ගණනාවකදීම බලධාරීන් දැනුවත් කළද රජය මෙතෙක් ඊට ප්‍රතිචාර නොදැක්වූ බව පැවසු ලේකම්වරයා මෙලෙස පුරප්පාඩු පිරවීම වෙනුවට රජය සිදු කරනු ලැබුවේ නව බඳවා ගැනීම් නතර කිරීම බවද පැවසිය. එම නිසා මේ සඳහා කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා එකසත් ග්‍රාම නිලධාරී සංගමය රජයෙන් ඉල්ලීමක්ද කළේය.

කෙසේ වෙතත් ග්‍රාම නිලධාරීන්ගේ පුරප්පාඩු සඳහා සංවර්ධන නිලධාරීන් අනුයුක්ත කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න පැවසීය.

  • චාමර පල්ලේගෙදර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උතුරේ ජනතාවගේ බඩ පුරවන ඩයස්පෝරා සල්ලි . . .

Tue Mar 14 , 2023
දෙමළ ඩයස්පෝරාවේ ආරම්භය 1983 කළු ජූලිය වුවද ඊට මූලික පදනම වැටෙන්නේ 1977 ජාතිවාදී කෝලාහලයයි. 1977 සිංහල, දෙමළ ජාතිවාදී කෝලාහල සමයේදී දෙමළ උගතුන් හා ව්‍යාපාරිකයින් සුළු පිරිසක් යුරෝපයට සංක්‍රමණය වී තිබුණි. නමුත් 1983 කළු ජූලියේදී දෙමළ ජනතාව ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී තිබුණි. එහිදී දෙමළ ජාතිකයන් 500 ක් පමණ ඝාතනයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x