ජනපතිගේ දැඩි ස්ථාවරය . . .

රජය ව්‍යාපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට ලබාදිය යුතුය යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව පවසයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවය.

එසේම මෙම වාර්තාව මෙන්ම තොරතුරු හා සන්නිවේදනය ක්ෂේත්‍රයේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමකදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද රජය දන්වා සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජපන් සිහින පෙන්වා මුදල් ගැරූ කාන්තාවක් අල්ලයි . . .

Fri Jun 9 , 2023
ජපානයේ ඔසාකා නුවර කාර්මාන්තශාලාවක රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාන්තාව ජපානයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් දසලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් ලබාගෙන රැකියා ලබා නොදුන් බවට පුද්ගලයින් දෙදෙනෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x