ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවාදැයි සැකයි . . .

ජනාධිපතිවරයා විනිසුරුවරු කැඳවා මැතිවරණය පැවැත්වුවහොත් කිසිඳු දේශපාලන පක්‍ෂයකට සියයට 50 ක් ගන්න බෑ කියන එක හරහා අනියම් ආකාරයට බලපෑම් කළේ යැයි සැකයක් මතු වන බවත් ජනාධිපතිවරයා විනිසුරුවන් කැඳවා කළ එම ප්‍රකාශයට විරෝධය දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා අද (9) පැවසීය.

මැතිවරණ සම්බන්ධයෙන් නඩු ආවම යම් යම් තීන්දු දීලා අපරාදේ මැතිවරණයක් තියන්නේ කියන කාරණය එහිදී ජනාධිපතිවරයා කියන්න උත්සහ කළේ යන ගැටලුව මතු වන බව කී ඩිලාන් පෙරේරා අනියම් විදියකට බලපෑමක් කළා ද, විධායකට අධිකරණයට බලපෑම් කරන්න පුළුවන් ද, යන ගැටලුව මතුවන බව ද සඳන් කළේය.

එහි සිටි ඇතැම් විනිශ්චකාරවරුන් මැතිවරණයට සල්ලි දෙන්න කියලා තීන්දු දීපු විනිසුරුවන් බව කී මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයාගේ සියයට 50 ප්‍රකාශය කිසිඳු සත්‍යයක් නොමැති ප්‍රායෝගිකව බොරුවක් බවත්ය.

මේ අවස්ථාවේ ජනාධිපතිවරණයක් තිබුණොත් ආණ්ඩු පක්‍ෂයට සියයට 20 ක් සහ විරුද්ධ පක්‍ෂයට සියයට 80 ක් ඡන්ද ලැබෙන බවත් ජනාධිපතිවරණයේදී සියයට 80 යම් යම් කොටස්වලට කැඩෙනවා කියලා හිතාගෙන ජනාධිපතිවරයා කිසිවෙක්ට සියයට 50 ක් නොලැබෙන්නේ යැයි කියන බවත් ඔහු කීය.

‘නිදහස ජනතා සභාව’ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා  අද (09) එසේ පැවසීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වාහන මිල ගණන්වල වෙනසක් . . .

Fri Jun 9 , 2023
මෙරට තුළ භාවිතාකරන ලද මෝටර් රථවල මිල ගණන් යළිත්වරක් ඉහළ යාමට පටන් ගෙන ඇති බව වාහන අලෙවිකරුවන් පවසයි. ඉන්ධන මිල පහළ යාම සහ ඩොලරයේ අගය පහළ යාම ඊට හේතුවී ඇති බව ඔවුන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් වාහන අමතර කොටස් මිල, වාහන නඩත්තු (සර්විස් කිරීම) ගාස්තු, රක්ෂණාවරණ ගාස්තු සහ ලීසිං ගාස්තු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x