ජපන් සිහින පෙන්වා මුදල් ගැරූ කාන්තාවක් අල්ලයි . . .

ජපානයේ ඔසාකා නුවර කාර්මාන්තශාලාවක රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාව ජපානයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් දසලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් ලබාගෙන රැකියා ලබා නොදුන් බවට පුද්ගලයින් දෙදෙනෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර තිබුණි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාව කාර්යාංශය වෙත ඊයේ(08) කැඳවා සිදුකළ විමර්ශනයේදී වලංගු බලපත්‍රයක් නොමැතිව මුදල් ලබාගෙන ඇති බවට හෙළි වී තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සජබේට ඩයනාගෙන් දැඩි චෝදනා . . .

Fri Jun 9 , 2023
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අදත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට දැඩි චෝදනා එල්ල කළහ. මතභේදයට තුඩු දුන් චීන පොහොර නැව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක්වූ අතර, නිවාස ගිනි තැබීමේ සිද්ධීන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින්.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x