දේව මෙහෙය අස්සේ පල්ලියට රිංගන්න හැදූ අයෙක් මාට්ටු . . .

කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේවමෙහෙය පැවැත්වෙන අතරවාරයේ දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කළ බව කියමින් ඉමිටියාස් නැමැති පුද්ගලයෙක් වෙරළබඩ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාතලේ අගලවත්ත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින 46 හැවිරිදි අයෙකි.

ගීතිකා ඇසීමට ඇති ආසාව නිසා තමා දේවස්ථානයට ඇතුළු වීමට පැමිණි බව සැකකරු පොලීසියට පවසා ඇතැයි කියති.

සාන්ත අන්තෝනි දේවස්ථානයේ 189 වැනි වාර්ෂික මංගල්‍යය මෙම මස 13 වැනි දාට යෙදී ඇති බැවින් ඊට සමගාමීව දේව මෙහෙයන් සෑම දිනකම පවත්වාගෙන යනු ලබයි.

ඒ අනුව පෙරේදා දින එම දේවමෙහෙයන් පැවැත්වෙන අතරවාරයේ මෙම සැකකරු දේවස්ථානය තුළට ඇතුළුවීමට පැමිණි අවස්ථාවේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු සන්තකයේ ජාතික හැඳුනුම්පත් දෙකක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.

  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අයියා වෙනුවට මල්ලී විභාගයට පෙනී සිටලා . . .

Fri Jun 9 , 2023
තම වැඩිමහල් සොයුරා වෙනුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සහෝදරයකු අත්අඩංගුවට ගත් බව දෙණියාය පොලිසිය කියයි. දෙණියාය පල්ලෙගම විද්‍යාලයේ  විභාග මධ්‍යස්ථානයේ දී අදාළ සිසුවා වෙනුවට ඔහුගේ බාල සොහොයුරා වෙනුවට සැකකරු විභාගයට පෙනී සිට ඇතැයි පැවැසේ. සිංහල ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට සූදානම්ව සිටියදී ශාලාධිපතිවරයා සිදු කළ දැනුම් දීමකින් පසු ඔහු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x