නව පනතින් මාධ්‍ය විකාශන ආයතන සියල්ලේම බලපත්‍ර අවලංගු වෙයි . . .

 

ආණ්ඩුව විසින් සම්මත කිරීමට බලාපොරොත්තු වන විකාශන අධිකාරි පනත නීතියක් ලෙස ක්‍රියාත්මක වූ පසු මාස හයක් ඇතුළත දැනට ඇති මාධ්‍ය විකාශන ආයතන සියල්ලේම බලපත්‍ර අවලංගු වනු ඇතැයි වාර්තා වෙයි.

මෙරට තුළ දැනට විකාශන ආයතන 33 ක්‍රියාත්මක අතර ඒවා දැන ඒවා ගුවන්විදුලි සංස්ථා පනත හා රූපවාහිනී සංස්ථා පනත යටතේ ක‍්‍රියාත්මකය.

යෝජිත පනත ක්‍රියාත්මක වූවොත් මාස හයක් ඇතුළත මෙම විකාශන ආයතන සියල්ලේම බලපත්‍ර අවලංගු වී ඔවුන්ට අලුතින් බලපත්‍ර අයදුම් කරන්නට සිදුවෙයි.

බලපත්‍ර නැවත දෙනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන පස්දෙනෙකුගෙන් සමන්විත කොමිසමක් විසිනි.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  විසින් පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ කැඳවා තිබූ හමුවකදී පෙන්වා දුන්නේ වසරකට වරක් බලපත්‍රය අලුත් කිරීමට සිදුවීම හරහා වක්‍ර ආකාරයෙන් මාධ්‍ය නිදහස පාලනය කර ඇති බවයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

‘මංකිපොක්ස්’ හඳුනාගැනීමේ නිර්ණායක නිකුත් කෙරේ . . .

Sat Jun 10 , 2023
සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය විසින් නිකුත් කරන ලද මහජන දැනුවත් කිරීමක් මෙහි දැක්වෙයි. ‘මංකිපොක්ස්’ හඳුනාගැනීමේ නිර්ණායක නිකුත් කෙරේ. වේගයෙන් ලොව පුරා පැතිරී යන ‘මංකි පොක්ස්’ වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට සමගාමීව සැක සහිත රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඔබ, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x