මහ නාහිමිගේ වාහනයේ ඉන්ධන දීමනාව කපයි . . .

රාමඤ්ඤ නිකායේ මහා නායක හිමියන්ට ජනාධිපති කාර්යාලය ලබාදී ඇති වාහනය සඳහා ඉන්ධන දීමනාව කපා හැරීමෙන් හේතුවෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වරයාගේ නිල රථය මහනායක හිමියන්ට ලබාදී තිබේ.

ජනාධිපති කාර්යාලයෙන් මහනාහිමියන්ට සුදුසු වාහනයක් ලබා දෙන්නැයි එම නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන් විසින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවා ඇත.

මහ නාහිමියන්ගෙන් නිල කටයුතු සඳහා ස්ථිර වාහනයක් නොමැති බවත් පසුගිය කාලයේ දී ද විටින් විට වාහන කිහිපයක් හුවමාරු වූ බවත් එම ලිපියේ සඳහන් වෙයි.

දැනට ලබාදී තිබෙන වාහනය සඳහා පසුගිය කාලයේදී ඉන්ධන දීමනාවක් ලබා දුන්නද දැනට එය ලබාදීම නතර කර ඇති බවත් එනිසා එම වාහනය යළි ජනාධිපති කාර්යාලට භාර දෙන ලෙස මහ නාහිමියන් දැන් දැනුම් දී ඇති බවත් ලිපියේ දැක්වෙයි.

මාස කිහිපයක සිට එම වාහනය භාවිතා නොකරන බව ලිපියේ සඳහන් කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වතු කම්කරු සිරුරු පශ්චාත් මරණ පරික්‍ෂණයට යොමු නොකරයි . . .

Fri Jun 16 , 2023
නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේ වතු ආශ්‍රිතව හදිසියේ මියයන ඇතැම් පුද්ගලයන්ගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු නොකර එම සිරුරු මුදා හරින ලෙසට වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රාදේශිය නායකයන් තමන්ට බලපැම් එල්ල කරන බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරික්ෂකවරුන් කිහිපදෙනෙකු විසින් සමස්ත ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයට පැමිණිලි කර ඇත. තේ වතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x