ඉහළ අහසේදී ගුවන් යානයේ කුරුල්ලෙකු ගැටී නියමු කුටියට කඩා වදී . . .

ඉක්වදෝරයෙන්, ඉහළ අහසේ පියාසර කරමින් තිබූ ගුවන් යානයක ගැටුණු කුරුල්ලෙකු නියමු කුටියට කඩාවැදීම හේතුවෙන් ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්ස වූ පුවතක් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉක්වදෝරයේ ලෝස් රියෝස් ප්‍රාන්තයේදී මෙලෙස කුරුල්ලෙකු වැදී ඇත්තේ කුඩා ගුවන් යානයක වන අතර කෙසේ වෙතත් නියමුවා විසින් යානය සාර්ථකව ගොඩ බැස්සවීමට සමත් වී ඇති බවයි.

මෙම සිදුවීමේ වීඩියෝ පටය සමාජ මාධ්‍යයේ වේගයෙන් සංසරණය වෙමින් පවතින අතර, එහි දැක්වෙන්නේ මුහුණේ ලේ තැවරුණු නියමුවා සන්සුන්ව ගුවන් යානය පදවන ආකාරයයි. නියමුවා විසින්ම අදාළ වීඩියෝව පටිගත කර තිබීම විශේෂත්වයක්. එම අවස්ථාවේ යානයේ සිට ඇත්තේ නියමුවා පමණක් බව සඳහන්.

එම වීඩියෝව පහතින්…

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සනත් නිශාන්ත ආණ්ඩුවෙන් ඉවත් වන බව කියයි . . .

Sat Jun 17 , 2023
පසුගිය මැතිවරණයේ දී වැඩිම මනාප ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු දිස්ත්‍රික් නායකයන්ට නොසලකන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත කියා සිටී. තම පක්ෂයේ දිස්ත්‍රික් නායකයන්ට සලකන ආකාරය අනුව ආණ්ඩුවේ කොතරම් කාලයක් සිටින්නේ ද නැද්ද යන්න ගැන තීරණය කරන බවද හෙතෙම පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම පක්ෂයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x