දංකොටුව පෝසිලේන් කොටස් විකුණයි . . .

ශ්‍රී ලංකාවේ විශාලතම පිඟන් භාණ්ඩ නිෂ්පාදන ආයතනය වන දංකොටුව පෝසිලේන් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය විකුණීමට තීරණය කර තිබේ.

දංකොටුව පෝසිලේන් සමාගමේ මවු සමාගම වන ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව දංකොටුව පෝසිලේන්හි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් සියයට 72.51 ක් පවතින අතර ඉන් සියයට 50.1 ක් අළෙවි කිරීමට ගිවිසුම්ගත විය.

ආයෝජන සමාගමක් වන සිලෝන් ඉන්වෙස්මන්ට්ස් පුද්ගලික සමාගම එම කොටස් රුපියල් මිලියන 2,304 කට අධික මුදලකට ගැනීමට නියමිතය. දංකොටුව පෝසිලේන් සමාගමේ 72.51% ක කොටස් හිමිකාරීත්වය, ඇම්බියන් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව පවතී.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සේවා තුනක් අත්‍යවශ්‍ය සේවා යටතට . . .

Sun Jun 18 , 2023
විදුලිබල සැපයීම, ඛනිජ තෙල්  සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නියෝගයකට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ ජනාධිපති ලේකම්වරයා විසිනි. ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධයෙන් වන සියලුම සේවා ඛනිජ තෙල් නිෂ්පාදන හා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x