ව්‍යාජ ලේඛන සකසන මධ්‍යස්ථානයක් වටලයි . . .

බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට රියදුරු පාසලක් තුළ රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කර දෙන මධ්‍යස්ථානයක් වටලා  එහි හිමිකරු සහ තවත් පුද්ගලයකු  ව්‍යාජ රියදුරු බලපත්‍ර  සහ හොරෙයින්  මත්කුඩු  සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරුවන් සමඟ  ජාතික හැඳුනුම්පත් දෙකක් ,විදේශ ගමන් බලපත්‍රයක්,  තාවකාලික රියදුරු බලපත්‍ර නවයක්,  රියදුරු බලපත්‍ර ( කාඩ්)  හතරක්, ව්‍යාජ ලෙස තාවකාලිකව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට සූදානම්  කර තිබූ දත්ත ඇතුළත් පරිගණක යන්ත්‍රයක්, හොරයින් මත්කුඩු ගෑම් 5  මිලිගෑම් 250 ක්  පොලිස් භාරයට ගෙන ඇත.

රියදුරු බලපත්‍ර කාඩ්පත් විදේශගත වන පුද්ගලයන්ට පමණක් මෙම දිනවල නිකුත් කරන අතර එම ක්‍රියාදාමයට මුවාවී  බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රියදුරු පාසලක් තුළ ඉතා අධික මිලකට රියදුරු බලපත්‍ර සහ තාවකාලික බලපත්‍ර අලෙවි කරන බවට  නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

මෙම ස්ථානයෙන් දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන පුද්ගලයන්ගෙන් රියදුරු බලපත්‍ර කාඩ් පත සකස් කිරීම සඳහා රුපියල් 25,000 ක මුදලක් ද  තාවකාලිකව යුතු බලපත්‍රයක් සකස් කිරීම සඳහා රුපියල් 15000 ක් වැනි අධික මුදලක් අය කර ඇතැයි මෙතෙක් සිදුකළ මූලික විමර්ශනවල විමර්ශනවලදී අනාවරණය වී ඇත.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොල්තෙල් බෝතලයක් 1000 ක් වේවි . . .

Sun Jun 18 , 2023
පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමේ අරමුණින් නිෂ්පාදකයන් පිරිසක් එක්ව පොල්තෙල් ලීටර ලක්ෂ ගණනින් සගවා වෙළෙඳපොළේ කෘත්‍රිම හිගයක් මතුකර ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. මෙරට මහා පරිමාණ නිෂ්පාදකයන් කීපදෙනෙකු විසින් මෙලෙස කූඨ ලෙස පොල්තෙල් තොග සඟවා ගැනීම නිසා ඉදිරියේදී තෙල් බෝතලයක මිල රුපියල් 1000 ක් පමණවීමට ඉඩ තිබෙන බවද කොළඹ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x