කතරගම වන්දනාකරුවන්ට දැනුම් දීමක් . . .

වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවය සැමරීමට සහ වන්දනාමාන කටයුතු සඳහා කතරගමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.

මෙවර රුහුණු මහ කතරගම දේවාලයේ පෙරහැර 2023 ජුනි 19 වැනි දින සිට 2023 ජූලි මස 04 වන දින දක්වා පැවැත්වේ.

සාමාන්‍යයෙන් කතරගම ඇසළ උත්සව සමයේ දී බැතිමතුන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන අතර අක්‍රමවත් කසළ බැහැර කිරීම නිසා කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශ වල ඝණ අපද්‍රව්‍ය ටොන් 1,700ක පමණ ප්‍රමාණයක් එක් රැස් වේ.

මෙම තත්වය පාලනය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, කතරගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කතරගම පෙරහැර කමිටුව ඒකාබද්ධව වසර ගණනාවක සිට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මෙවර ද එය ක්‍රියාත්මක කරයි.

ඒ අනුව, පූජාභූමියට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයන්හි දී ගමන් මලු පරීක්ෂා කර පොලිතීන් මුලු වෙනුවට පරිසර හිතකාමී ආදේශක මලු ලබා දීම, කතරගම පූජා භූමිය වෙත බැතිමතුන් ප්‍රවාහනය කරන බස් රථ වල දැනුම්වත් කිරීමේ ස්ටිකර් ප්‍රදර්ශනය, දැන්වීම් පුවරු මගින් සහ අත්පත්‍රිකා බෙදා දෙමින් මහජනතාව දැනුම්වත් කිරීම, ප්ලාස්ටික් බෝතල් එක් රැස් කිරීම සඳහා දැල් ආවරණ කසළ රදවන ස්ථාපිත කර තිබීම සහ කසළ බැහැර කළ හැකි ස්ථාන සකසා තිබීම ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නිවැරදිව කසළ බැහැර කිරීම සඳහා බැතිමතුන් යොමුකිරීමට කටයුතු යොදා තිබේ.

පාද යාත්‍රා මාර්ගයේ ද කසළ නිසි ලෙස බැහැර කිරීමට අවශ්‍ය පහසුකම් සකසා ඇත. එමෙන්ම ඇසළ උත්සවය අවසන් වූ පසු පූජා භූමිය ශ්‍රමදාන වැඩසටහන් මගින් පවිත්‍ර කිරීමටත් කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා කටයුතු කිරීමටත් අවශ්‍ය පියවර ගෙන තිබේ.

කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශ අවිධිමත් කසළ බැහැර කිරීම මගින් දූෂණයවීම වැළැක්වීම වැඩසටහනේ අරමුණයි.

  • මධ්‍යම පරිසර අධිකාරිය
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බැසිල්ගේ බල කිරීමෙන් තවත් අමාත්‍ය ධුර හයක් . . .

Mon Jun 19 , 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රංශ සංචාරයෙන් පසු කැබිනට් සංශෝධනයක් සමග නව කැබිනට් අමාත්‍යවරුන් හය දෙනකු දිවුරුම් දීමේ සූදානමක් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවැත්වූ සාකච්ඡාවකදී පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයාට මෙම ඉල්ලීම කර ඇතැයි පැවසේ. හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x