කොම්පඤ්ඤවීදියේ නිවාස පෙන්වා මුදල් වංචා කරලා . . .

 

කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයකින් නිවසක් දෙන බව පවසා අමෙරිකානු ඩොලර් ලක්ෂ තුනකට අධික මුදලක් වංචා කළේ යැයි චෝදනාවට ඉන්දීය ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම සැකකරු විදෙස්ගතවීමට උත්සාහ කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය මෙසේ අත්අඩංගුවට ගත් බවත් ඔහු පුද්ගලයන් රැසකින් අමෙරිකානු ඩොලර් 300,678 ක් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට පැමිණිළි ලැබී ඇති බවත් පොලිසිය පැවසීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අන්තර්ජාලය ඔස්සේ කරන කටයුතු වලටත් නව බද්දක් . . .

Sun Jun 18 , 2023
අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බැවින් ඒ සදහා කඩිනමින් පියවර ගතයුතු බව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන කාරක සභාවේදී අවධාරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x