ජැක්සන්ගේ මතක ශක්තිය අඩපණ වීමේ අවදානමක් . . .

හදිසි අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා දැනට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ මතක ශක්තිය අඩපණ වීමේ අවදානමක් පවතින බව ජාතික රෝහලේ වෛද්‍යවරු පවසනවා.

දිගු කලක් සිහිසුන්ව සිටීම නිසා මොළයට ගමන් කරන ඔක්සිජන් සහ රුධිරය ප්‍රමාණය අවම වීම නිසා මෙම තත්ත්වය හටගන්නා බව වෛද්‍යවරු අවධාරණය කරයි. ඇදක් මත එකම ඉරියව්වකින් දිගු කාලයක් සිටීම නිසා සිරුරේ පිට ප්‍රදේශයේ තුවාල (bed sources) හටගැනීමේ අවදානමක් ද පවතින බවත් ඒ සදහා ප්‍රතිකාර කිරීම සිදු කරන බව ද සදහන් කරයි.

ඉකුත් ජූලි මස 02 වැනිදා රාත්‍රියේ දී අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරින් ජැක්සන් ඇන්තනී බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

 

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අන්තරේ සිරිධම්ම හිමි රෝහල් ගතකරයි . . .

Tue Oct 25 , 2022
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රෝහල් ගතකර තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේව රෝහල්ගත කළ බවය. උන්වහන්සේ ඒ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියහ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x