ජනතාවගේ බලාපොරොත්තු රනිල් සමග එක්වී ඉටු කරනවා . . .

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ඡන්දය දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ වසරකට පෙර රට මුහුණ දී තිබූ තත්ත්වය හා අද ඇතිවී තිබෙන තත්ත්වය සංසන්දනය කිරීමේදී ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්කිරීමට පක්ෂය ගත් තීන්දුව සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පොළ දිස්ත්‍රික් ආසන බළමණ්ඩලය අමතමින් අමාත්‍යවරයා (18) මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අපි කවදාවත් වැඩිහිටියන්⁣ට නාකි මයිනා කියලා බනින්නේ නෑ. හොඳට හොයලා බලන්න. නාකි මයිනා, නාකින්ට වෛර කරන පොස්ට් දාන මිනිස්සුන්ගේ අභ්‍යන්තරය හොයලා බලන්න. ඔවුන් පුදුම කුහකයෝ. එක්කෝ දෙමාපියන්ගෙන් අතවරයට ලක්වෙලා, එක්කෝ දෙමාපියෝ නිසා අසාධාරණයට ලක් වුණ අය. වැඩිහිටියන්⁣ට වෛර කරන අය තමයි නාකි මයිනා කියලා බැන බැන අපේ වැඩිහිටියන් සමච්⁣චලයට ලක් කරන්නේ.

මම ආඩම්බරනයෙන් කියනවා මම රෙජී රණතුංග ගේ පුතෙක්. අනුරාධට කට ඇරලා කියන්න පුළුවන් මම දී.මු ජයරත්නගේ පුතෙක් කියලා. ⁣තාත්තලා අම්මලා ගැන කියන්න බැරි උන් තමයි නාකි මයිනා කියලා කතා කරන්නේ.

77 දි. මු ජයරත්න ඇමතිතුමාට මුහුණ දෙන්න සිද්ධ වුණ දේවල් මම දන්නවා. 77 දී මගේ පියාගේ ගෙවල් ගිනි තිබ්බා. 2022 දී මගේ ගේ ගිනි තියනවා. අපිට මේවා පුරුදුයි. අපි මිනිස්සුන්ට වෛර කරන්නේ නෑ. මේ දේවල් කරන්නේ සමස්ථ සමාජයේ මිනිස්සු නෙමෙයි. මේ දේවල් කරන්නේ කුහකයෝ ටිකක්. මේ දේවල් කරන මිනිස්සු කවදා හරි දඩුවම් ලබනවා.

වසර 30ක් තිබූ යුද්ධය 2009 ඉවර කරපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ . එතුමා 2015 දී පරාජයට පත්වෙනවා. අවුරුදු 05 ක් ගියේ නෑ අපේ මිනිස්සුන්ට ඒ යුද්ධය අමතක වුණා. අමතක වුණා නෙමෙයි බොරු කියලා සමාජය තුළ වෛරයක් ජනගත කරලා මහින්ද රාජපක්ෂ පරාජයට පත් කරන්න කටයුතු කළා. අද අපිට පාරක බැහැලා කෝච්චියක, බස් එ⁣කක යන්න පුළුවන් වාතාවරණයක් හැදුවේ කවුද කියලා අපි දන්නවා. සුනාමියෙන් පස්සෙ ඉපදිච්ච වුන්⁣ට ඒවා මතක නෑ

එදා අපේම අය බය වුණා නුගේගොඩ වේදිකාවට යන්න. නොයෙකුත් තර්ජන ගර්ජන එනකොට හැමෝම මහින්ද ව දාලා ගියා. එදා මම මහා ඇමතිවරයා ලෙස මගේ නිල නිවාසයේ ඉදගෙන තමයි මහින්ද සුළඟ ආරම්භ කරලා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අපි සටන ආරම්භ කලේ. මම අදටත් සතුටුයි එදා ඒ කරපු කාර්යය භාර්යය පිළිබඳව.

අපි 2015 පැරදිලා 2019 වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළා .එදා පළාත් සභා මන්ත්‍රීවරුන් එක්ක අපි මුළු රටේම ඇවිදලා පළාත් පාලන මන්ත්‍රීවරුන් එකතු කරගෙන ග්‍රාම සේවක වසම ගානේ මුළු රටේම ඇවිදලා ග්‍රාම සේවා වසමකින් 20ක් එකතු කරගෙන හදපු පක්ෂයක් තමයි මේක.

මේ පක්ෂය කාගෙත් බූදලයක් නෙමෙයි. මේ පක්ෂය අපේ. මේ පක්ෂය තමුන්නාන්සේලාගේ. මෙ පක්ෂය වට්ටන්න කිසිම ජගතෙකුට බෑ.

මීට වසරකට පෙර සුනාමියක් ගෙවල් ගිනි තිබ්බා. අමරකීර්ති අතුකෝරල ව ඝාතනය කළා. අපිව පත් කළ 69 ලක්ෂයක ඡන්දයකින් පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තනතුර දාලා යන්න සිද්ධ වෙනවා. ඒ හැම අභියෝගයකටම මුහුණු දුන්න පිරිසක් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්නේ. අපි පක්ෂයක් ලෙස ශක්තිමත් වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙන අපේ නායකයෝ කවදාවත්ම මිනිමරලා නෑ. මේ රට විනාශ කරන්න කටයුතු කරලා නෑ. ඔවුන් හැමදාම මේ රට රැක්කා. මහින්ද රාජපක්ෂ  මේ රට බේර ගත්තා. ගෝඨාභය රාජපක්ෂ ලෝකයේම මිනිස්සු කොවිඩ් වසංගතයෙන් මැරෙනකොට අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න කටයුතු කළා. එදා රට වහනවද, නැද්ද කියල⁣ වෛද්‍යවරුන්, ආර්ථික විශේෂඥයන් විවිධ මත පළකරනකොට ගෝඨාභය රාජපක්ෂ කිව්වේ ආර්ථිකය වැටුනොත් ගොඩ ගන්න පුළුවන්. මිනිස්සු මැරුණොත් මිනිස්සුන්ට පණ දෙන්න බෑ. අපි ටික කාලෙකට රට වහලා මිනිස්සුන්ට එන්නත් ටික දිලා මිනිස්සු සුරක්ෂිත කරලා අපි රට අරිමු කියලා. එකපාර එවැනි තීන්දුවක් ගත්තේ මිනිස්සු නිසයි.

එතුමා බලයට ඇවිල්ලා මාස නවයයි වැඩ කරන්න පුළුවන් වුණේ කොවිඩ් වසංගතය හමුවේ රට වැටුනා. ඉන්පසු අරගලය නිසා රට වැටුනා. ආර්ථික අර්බුදය එක්ක ජනතාවට පීඩාවට පත්වෙද්දි මිනිස්සු විකල්ප මාර්ග හොයන්න ගත්තා. සුනාමිය එනකොට මහ ගස් පාවා වැටිලා කෙලින් වෙනවා. කුඩා ගස් වැටිලා කෙලින් වෙනවා. සමස්තයක් ලෙස තිබුණට වඩා ශක්තිමත් වෙනවා ගස් වැල්. ඒ වගේ තමයි අපේ පක්ෂය. සුනාමිය නිසා වැටුණා අවුරුද්දක් යනකොට අපිට පුළුවන් කමක් ලැබුණා නැවත පණ ගන්නලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කරන්න. එකේ ප්‍රතිඵල තමයි අද අපි දකින්නේ.

අරගලෙ ඉවර වෙලා සති දෙක තුනක යන්න කලින් මම පාර්ලිමේන්තුවේ දී කිව්වා අරගලය කරේ කවුද කියලා. අරගලේට මිනිස්සු ආවේ පීඩාවට පත්ව අසරණ වූ නිසයි. ඒකෙන් ප්‍රයෝජන ගන්න කටයුතු කළේ රාජ්‍ය නොවන සංවිධානයි, බෞද්ධ ආගමික විරුද්ධ කණ්ඩායම් එකතු වුණා. ගම්මට්ටිමින් ප්‍රශ්න ඇති කරන්න මිනිස්සු එළියට ගත්තා. අවසානයේදී මිනිස්සු එයින් ඉවත් වෙද්දි ඒක පාලනය කරන්න ගත්තේ ගණිකාවොයි, මංකොල්ලකාරයොයි, පාතාල නායකයොයි. අපිට තිබිච්ච ලෙකුම විරුද්ධවාදීන් ඒ කණ්ඩායමයි.

මේ රටේ කුඩු විනාශ කරන්න හැදුවා. එය නවත්තන්න ගෝඨාභය කටයුතු කරන කොට අපිට හිටිය විරුද්ධවාදී කණ්ඩායම තමයි කුඩුකාරයෝ. පාතාලය විනාශ කරනකොට පාතාල නායකයෝ අපිට විරුද්ධ වුණා. පාතලයයි කුඩු කාරයින් නිසා යැපිච්ච ගණිකාවන්ට යන එන මන් නැති වුණා. එයාල තමයි අවසානයේ ගෝල්ෆේස් අරගලයේ නායකත්වය ගත්තේ. අරගලයේ හිටපු මිනිස්සුම අද ඒ ගැන කියනවා.

අරගලයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති කරන්න පක්ෂයක් ලෙසයි තීන්දුවක් ගත්තේ. අද අපි ඒ තීන්දුව ගත්ත එක ගැන සතුටු වෙනවා. අවුරුද්දක කලින් මේ රටේ තිබුණ තත්ත්වය දිහා බලද්දි අද ආර්ථිකමය අතින් රට ගොඩ ගන්න ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ට මම තරම් බැනපු කෙනෙක් නෑ. මම තමයි යහපාලන ආණ්ඩුවට විරුද්ධව ප්‍රසිද්ධ වේදිකාවල්වල විවේඡනය කළේ. අපි හැම තිස්සෙම පක්ෂයට වඩා රට ගැන හිතන, කටයුතු කරන කණ්ඩායමක් නිසා අපි තීන්දු කළා අභියෝග භාර ගෙන රටේ ආර්ථික ගොඩගනගලා අනාගතය හදන්න පුළුවන් නායකයෙක් නිසා වත්මන් ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න. අපේ පෞද්ගලික දේශපාලන මති මතාන්තර මොන දේ වුණත් රනිල් වික්‍රමසිංහ මේ අවුරුද්දක් ඇතුලත පෝලීම් වල තිබුණ අර්බුදය අවසන් කළා. මේ රටේ විදුලිබල අර්බුදයට විසදුම් සොයන්න කටයුතු කළා.

69 ලක්ෂයක අපිට ඡන්දය දීපු මිනිස්සුන්ට වගකියන වගකීම අපිට තියෙනවා. ඒ බලාපොරොත්තු ඉටු කරන්න වර්තමාන ජනාධිපතිතුමා සමඟ එක්ව අප කටයුතු කරනවා.

ඉදිරියේ පැවැත්වෙන ඕනිම මැතිවරණයකට අපි සුදානම්. අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු පක්ෂයක් ලෙස කටයුතු කරගෙන යනවා යැයිද පැවසීය.

  • ප්‍රදීප් අනුර කුමාර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හම්බන්තොටින් විශ්මිත සැත්කමක් . . .

Tue Jun 20 , 2023
හම්බන්තොට මහ රෝහලේ දී ඊයේ (19) දිනයේ සිදු කල විශ්මිත සැත්කමකින් කාන්තාවකගේ උදරයේ තිබූ කිලෝ දහයක (10) පමණ ගෙඩියක් ඉවත් කල බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර ප්‍රකාශ කර සිටිනවා. හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම ප්‍රමුඛ කණ්ඩායමක් මගින් සිදු කල සැත්කමකින් මෙම ගෙඩිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x