මොළේ උණ එන්නත් හිඟයක් . . .

සංචාර සහ වන්දනා සඳහා විදේශ ගත වන්නන්ට මොළයේ උණ එන්නත ලබා නොදීමෙන් එම රෝගය රට පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතිතැයි වෛද්‍යවරු පෙන්වා දෙති.

මොළයේ උණ අවදානම ඇති රටවලට වන්දනාවේ හා සංචාරයේ යන්නන් වීසා අයැදුම් කිරීමට පෙර මෙම එන්නත ලබා ගැනීම අනිවාර්ය වන නමුත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ එන්නත් මධ්‍යස්ථානය වෙත පසුගිය වසරකට ආසන්න කාලයක් තිස්සේ මෙම එන්නත් ලැබී නැතැයි එම අංශයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙක් කියා සිටියේ ය.

රාජ්‍ය අංශයේ මෙම එන්නත නොමැති බැවින් විවිධ මාර්ග ඔස්සේ එන්නත ලබා ගැනීම හා එන්නත ලබා නොගෙන ලබා ගත් බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමත් බහුලව සිදුවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

විශේෂයෙන් පෞද්ගලික අංශයේ නුසුදුසු තත්ත්වයන් යටතේ ගබඩා කර ඇති තත්ත්වයෙන් බාල එන්නත් අධික මිලකට අලෙවි කරන බව ද පැවසේ.

මේ තත්ත්වය යටතේ මේ දිනවල හජ් වන්දනාවේ යන වන්දනාකරුවන්ට එන්නත ලබා දීමට බලධාරීන්ට හැකියාවක් නොමැති බව ත් මේ හේතුවෙන් මොළයේ උණ අවදානමක් පවතින බව ත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී. චමල් සංජීව ප්‍රකාශ කළේ ය.

තව දින කිහිපයකින් උදාවන හඡ්ජි වන්දනා සමයේදී ශ්‍රී ලාංකිකයන් 3,500කට ආසන්න ප්‍රමාණයක් මැදපෙරදිග බලා ගමන් කිරීමට නියමිත බවත් මේ දිනවල මැද පෙරදිග කලාපයේ බොහෝ රටවල්වල මොළයේ උණ රෝගය සුලභ වීම හේතුවෙන් මෙම අවදානම පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

නිසි පරිදි එන්නත ලබානොගෙන හජ් වන්දනාව වැනි අති විශාල පිරිසක් එකතු වන ස්ථානයකට යන ශ්‍රී ලාංකිකයෙකුට මොළේ උණ රෝගය වැළඳුනහොත් රට තුළ ශීඝ්‍රයෙන් මෙම රෝගය බෝවනු ඇති බව ත් කුඩා දරුවන් හා පිළිකා රෝගීන්, දියවැඩියා රෝගීන්, අධිරුධිර පීඩනය, අක්මා රෝග වැනි රෝග ඇති රෝගීන් ඇතුළු ප්‍රතිශක්තිය අවම පිරිස් එයින් අතිශය දරුණු අවදානමකට ලක්වන බව ත් වෛද්‍ය චමල් සංජීව පෙන්වා දුන්නේ ය.

මේ පිළිබඳව සොයා බලා අදාළ එන්නත විදේශීය සංචාරවල යෙදෙන්නන්ට ලබා දීමේ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටත්, මක්කම වන්දනාවේ ගොස් ශ්‍රී ලංකාවට එන පුද්ගලයන් රටට ඇතුළුවීමට පෙර නිසි පරිදි පරීක්ෂණයකට ලක්කිරීමටත් කටයුතු කළ යුතු යැයි ද ඔහු කීය.

මෙම තත්ත්වය සම්බන්ධව ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද පවතින තත්ත්වයේ අවදානම පෙන්වා දෙමින් ඒ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා මේ වනවිටත් ලිපියක් යවා ඇතැයි එම විද්‍යායතන ආරංචි මාර්ග සඳහන් කළේ ය.

  • Vineetha M Gamage
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හොර පාරෙන් ආ විශාකා විදුහල්පතිවරිය . . .

Tue Jun 20 , 2023
කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පතිවරිය නියමිත පටිපාටියට පිටින් තනතුර සඳහා පත්කර ඇති බවට අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය චෝදනා කරයි. හිටපු ප්‍රබල දේශපාලකයෙකු සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම දුෂිත කටයුත්තට සම්බන්ධ බවට සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර පවසයි. අදාළ විදුහල්පතිවරිය විශාකා විද්‍යාලයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x