ගෝඨාභය හමුවීමට විශේෂ පිරිසක් එයි . . .

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ 74 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ බෝධිපූජාමය පින්කමක් ඊයේ (20)  නාරාහේන්පිට ගෞතම විහාරස්ථානයේ දී පවත්වනු ලැබුවා.

මෙම අවස්ථාවට කෝට්‍‍ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක මාහිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමීන් වහන්සේ, මහා විහාරවංශික ස්‍යාමොපාලී මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන් වහන්සේ, බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය දිවියාගහ යසස්සි ස්වාමීන් වහන්සේ, පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය 60කට පමණ අධික පිරිසක් වැඩම කරවනු ලැබුවා.

එසේම හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කපිල දිසානායක, සම්පත් අතුකෝරළ, සාගර කාරියවසම්, මංජුලා දිසානායක, රෝහණ දිසානායක ඇතුළු පිරිසක් ද පළාත් සභා සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.

මෙහිදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමීන් වහන්සේ විසින් ප්‍රධාන අනුශාසනාව පවත්වනු ලැබුවා.

මෙම උත්සවය අවසානයේ ගෝඨාභය රාජපක්ෂ විසින් පැමිණ සිටි පිරිස සමග සුහද කතා බහක නිරත වන ආකාරයද දක්නට ලැබිණ.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජෙරම් පෙත්සම ඉල්ලා අස්කර ගනී . . .

Wed Jun 21 , 2023
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ. මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙනමෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පෙත්සම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x