මනමේ කුමරු වේදිකාවෙන් බැසයයි . . .

එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා වූ දොරෝව්ව මහා විද්‍යාලයේ නර්තණ ආචාරය ප්‍රවීන වේදිකා නාට්‍ය ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න  මහතා අද (21) අලුයම අභාවප්‍රාප්තවිය.

මීරිගම බැද්දෙගෙදර කිතලවලාන පදිංචිව සිටි තිදරු පියෙකුවූ  ඔහු මියයනිවිට 52 හැවිරිදි වියේ පසුවිය.

මනමේ කුමාරයා ලෙස කාගේත් හැදින්වීමට ලක්වූ ඔහු සිංහබාහු, නරිබෑනා,  අසිනිවැස්ස,   රෑකඩ රාජ්ජේ ඇතුලු වේදිකා නාට්‍ය ගණනාවක දස්කම් දැක්වූ ශිල්පියෙකි. හෙතෙම හෝගානා පොකුණ චිත්‍රපටියේද සුවිශේෂි දස්කම් පෙන්වා ඇත.

කුරුනෑගල පැවැති රෑකඩ රාජ්ජේ නර්නතයක යෙදෙමින්  සිටියදී දින කිහිපයකට පෙර ඔහු වේදිකාවේදී හදිසියේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින්සිටියිදී මෙසේ මරණයට පත්වූ ඇත.

දේහය අවසන් ගෞරවය සදහා කිතලවලාන බැද්දෙගෙදර නිවසේ තැරන්පති කර තැබෙන අතර අවසන් කටුයුත පිලිබදව පසුව දන්වන බව පවුලේ සාමාජිකයෝ කියති.

  • පුෂ්පකුමාර මල්ලවආරච්චි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගෝඨාභය හමුවීමට විශේෂ පිරිසක් එයි . . .

Wed Jun 21 , 2023
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ 74 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ බෝධිපූජාමය පින්කමක් ඊයේ (20)  නාරාහේන්පිට ගෞතම විහාරස්ථානයේ දී පවත්වනු ලැබුවා. මෙම අවස්ථාවට කෝට්‍‍ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක මාහිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x