ටෙලිකොම් විකුණන්න යන්නේ එල්ටීටීඊකාරයකුට . . .

ජනාධිපතිතුමා ටෙලිකොම් ආයතනය විකුණන්න හදන්නේ හිටපු එල්ටීටීඊකාරයකුට යැයි  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

ඔහු එංගලන්තයේදී එම  එල්ටීටීඊ කාරයා සමග මේ ගැන සාකච්ඡා කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා අද රාජපක්ෂ  බබෙකු වැල් පාලමේ ගෙනයෑමට උත්සාහ දරන බවද සඳහන් කළේය.

ෆොන්සේකා මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

සරත් ෆොන්සේකා මෙසේද පැවසීය.

අද නීතිය ගැන කතා කරලා වැඩක් නැහැ. අපි දැක්කා රත්තරන් හොරා ආරක්ෂා කරලා මේ  සභාවට ගෙනාපු විදිය. මේවා කරලා සමාජ පරිවර්තන කරන්න බැහැ. මිනිස්සුන්ට කන්න බොන්න නැතිව හොම්බෙන් ගිහිල්ලා තියෙනවා. දුෂ්කර තත්වය තේරුම් ගන්න කියලා ජනතාවට කියනවා. එතුමට මේ දුෂ්කර මාර්ගය තේරුම් ගිහින් තියෙන්නෙ අවුරුදු හතළිහකට පස්සේ. දේශීය සම්පත් විකුණන එකට විරුද්ධ වෙන්න එපා කියලාත්  එතුමා කියනවා. මේක යකාගෙ කතාවක්. ඔහු ටෙලිකොම් ආයතනය විකුණන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා එංගලන්තයේදී  හමුවෙලා තියෙනවා.  එයා තමයි එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන්  අතීතයේදී මුදල් හුවමාරු කළ පුද්ගලයා. එතුමාට රූපවාහිනී ආයතනයකුත් මෙහෙ තියෙනවා. ඒ  එල් ටී ටී කාරයට තමයි මෙයා මේ ටෙලිකොම් ආයතනය විකුණන්න යන්නේ.

කැරට් දීලා දීලා ජනතාව රවට්ටනවා. එතුමා ඉන්නේ සිහින ලෝකයක. අද රාජපක්ෂ බබෙක්  වැල් පාලමේ ගෙනියන්න හදනවා. ජනතාවට කන්න බොන්න දෙන්න පුළුවන් සැලසුමක් මෙයාට නෑ. සැලැස්මක් නැතුව අඳුරේ අතපත ගානවා. විවිධ පනත් ගෙනවිත් ජනතාව මර්දනය කරන්න හදනවා. මාධ්‍ය ආයතනවලින්  පළිගන්න හදනවා. මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අන්ත දූෂිතයි. එහෙම තියෙද්දි දූෂණ විරෝධී පනතක් ගේන්න හදනවා. මෙතුමා ජීවත් වෙන්න හදන්නේ හිට්ලර් කෙනකු  විදිහටයි.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න


Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙළිය තීරණයක් ගන්න යයි . . .

Thu Jun 22 , 2023
ඖෂධ ගැනීමට ප්‍රමාණවත් මුදල් නොදෙන්නේ නම් මේ තනතුරු තවදුරටත් දැරීමේ බලාපොරොත්තුවක් නැතැයි කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඖෂධ හිඟය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. කෙහෙළිය රඹුක්වැල්ල මෙසේද සදහන් කළේය. ඖෂධ මිලදී ගැනීමට මුදල්වල ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ගැන අද වැඩබලන මුදල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x