විදුලි පද්ධතිය භූගත කිරීම නුගේගොඩින් . . .

නුගේගොඩ නගර මධ්‍ය විදුලි පද්ධතිය භූගත කර පද්ධතියට සම්බන්ධ කිරීම අද (7) සිදු කරනු ලැබුවා.

ඒ, නාගරික සංවර්ධනයට සහ විදුලි පද්ධතියේ අඛණ්ඩ සැපයුමට බාධාවක් බවට පත්ව ඇති නාගරික විදුලි රැහැන් පද්ධතිය භූගත කිරීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ලෙසයි.

එම ව්‍යාපෘතිය යටතේ නුගේගොඩ නගර මධ්‍යයේ තිබූ විදුලි කණු සහ විදුලි රැහැන් පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන අතර එමඟින් නගර අලංකරණය තව දුරටත් ඉහළ යනු ඇත.

එමෙන්ම නුගේගොඩ නගරයේ ඉදිකිරීම් හා රුක්රෝපණ ක්‍රියාකාරකම් සදහා තිබූ බාධාවන් බොහොමයක්ම ඉවත්වනු ඇති අතර විදුලි කණු හේතුවෙන් පැවැති බාධාවන්, අවහිරවීම් හා රථවාහන අනතුරු අවම වේ.

මේ අතර භූගත විදුලි පද්ධතිය හේතුවෙන් විදුලිය බිදවැටීම් ඉතාම අවම වන අතර නඩත්තු කටයුතු ද අවමවීම හේතුවෙන් ‘ලෙකෝ’ සමාගමට වාර්ෂිකව විශාල මුදලක් ඉතිරිකර ගැනීමටද හැකියාව ලැබෙනු ඇති.

මෙය නියමු ව්‍යාපෘතියක් වුවද නවීණ උපකරණ සහ තාක්ෂණය භාවිතා කරමින් වර්තමාන ලෝකයට මෙන්ම අපේ රටේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි සැළසුම් කර තිබීම විශේෂත්වයකි.

ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකෝ) ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය කෝට්ටේ, නුගේගොඩ සහ කැලණිය කලාපයේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක කෙරේ.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ධවල මන්දිරයෙන් හමු වූ කොකේන් . . .

Fri Jul 7 , 2023
ධවල මන්දිරයෙන් කොකේන් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඒ එහි ආරක්ෂාවට සිටින බුද්ධි අංශයේ නිලධාරින් විසින් එහි බටහිර කොටසේ සිදු කළ මුර සංචාරයක දී ය. එමෙන්ම දින කිහිපයකට පෙර සැකකටයුතු මත් ද්‍රව්‍යක් සොයා ගැනීමෙන් පසු ඇමරිකාවේ නිල නිවස වන ධවල මන්දිරයේ සියලුම කාර්ය මණ්ඩලය තාවකාලිකව ඉවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x