ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ මුම්බායි නගරයේ හිඟා කන අයුරු දැක බලා ගත හැකි බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත. යාචකයන් ලෙස කටයුතු කරන්නේ දුගීභාවයෙන් මහත් පීඩාවට පත් ආර්ථික අපහසුතා වලින් යුත් පුද්ගලයන්ය. නමුත් ඇතැම් පුද්ගලයන් හිඟා කෑම ලාභදායී වෘත්තියක් බවට පත් කර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ. ඉකෝනොමික් […]

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයක් කඩාකප්පල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් ඇති බව චෝදනා එල්ල වෙයි. ජාතික රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් නීතිඥ මනෝජ් ගමගේ කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ සංවිධාන කිහිපයක් විසින් මෙම ප්‍රසංගය පැවැත්වීමට ඉඩ නොදෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා ඇති බවයි. […]

ධවල මන්දිරයෙන් කොකේන් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඒ එහි ආරක්ෂාවට සිටින බුද්ධි අංශයේ නිලධාරින් විසින් එහි බටහිර කොටසේ සිදු කළ මුර සංචාරයක දී ය. එමෙන්ම දින කිහිපයකට පෙර සැකකටයුතු මත් ද්‍රව්‍යක් සොයා ගැනීමෙන් පසු ඇමරිකාවේ නිල නිවස වන ධවල මන්දිරයේ සියලුම කාර්ය මණ්ඩලය තාවකාලිකව ඉවත් […]

නුගේගොඩ නගර මධ්‍ය විදුලි පද්ධතිය භූගත කර පද්ධතියට සම්බන්ධ කිරීම අද (7) සිදු කරනු ලැබුවා. ඒ, නාගරික සංවර්ධනයට සහ විදුලි පද්ධතියේ අඛණ්ඩ සැපයුමට බාධාවක් බවට පත්ව ඇති නාගරික විදුලි රැහැන් පද්ධතිය භූගත කිරීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ලෙසයි. එම ව්‍යාපෘතිය යටතේ නුගේගොඩ නගර මධ්‍යයේ තිබූ විදුලි කණු සහ විදුලි රැහැන් පද්ධතිය […]

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව එම විදෙස් ගමන් තහනම පනවා තිබුණේ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළවය.  

රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ “විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට තීරණය කර තිබේ. ඊට අදාල අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels Hospitility limited ආයතනය නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී අද (07) අත්සන් තැබීය. ගිවිසුමට අත්සන් තැබුවේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් හා හොංකොන් […]

සිංහල සිනමාවේ ජ්‍යේෂ්ඨතම රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී  තිබේ. මියයන විට ඒ මහත්මිය 86 හැවිරිදි වියේ පසුවිය. නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. සුරංගනී චිත්‍රපටය හරහා රංගනයට පිවිසි කාන්ති ගුණතුංග මහත්මිය දොස්තර, දුප්පතාගේ දුක, සුරසේන, සූරයා, සංදේශය, වන මෝහිණී චිත්‍රපට සඳහා […]

හෙරොයින් ලග තබා ගැනිමේ චෝදනාවට වරදකරු වී ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබමින් සිටි පාකිස්ථාන ජාතික සිරකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අඟු‍ණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මොහොමඩ් නදීම් නැමති 59 හැවිරිදි ඔහුට 2019 […]

නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේ දී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කර සිටියේ ය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, දැනට පවතින අවුරුදු 05ක සේවා කාලය […]

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් අද නිකුත් කෙරිණ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා රුපියල් 50.00 ක වටිනාකමින් යුත් නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් නිකුත් කිරීම කථානායක  මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පුස්තකාලයේදී ඊයේ(06) සිදුවිය. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.