අනාගත උසස් අධ්‍යාපනය වෙනුවෙන් දැවැන්ත පියවරක් . . .

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ප්‍රකාශ කළේ, ආරම්භයේ සිටම කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අධ්‍යාපනයේ සහ පර්යේෂණවල විශාල ප්‍රගතියක් ලබා ඇති බවයි.

ඊයේ (23) පැවති කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි අලුතින් ඉදිකරන ලද යටිතල පහසුකම් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්, ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම,මෙහිදී විශ්වවිද්‍යාලයේ ප්‍රමිතීන් ඉහළ නංවමින් දේශීය හා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළ තලයකට ඔසවා තැබීම සඳහා උපකුලපතිවරයා ඇතුළු අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සේවය විශ්වවිද්‍යාල කළමනාකරණ මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ද වන ජෙනරල් ගුණරත්න ඇගයීමට ලක් කළා.

අලුතින් එක් කළ පහසුකම් අතර වේරහැර ‘සෝමාදේවි’ කාන්තා නේවාසිකාගාර සංකීර්ණය සහ නීති පීඨය, කළමනාකරණ, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය ඇතුළු රත්මලාන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි ගොඩනැගිලි කිහිපයක් සහ මූලස්ථාන සංකීර්ණය වනවා.

ආරක්‍ෂක අංශයට සහ රාජ්‍ය සේවයට ඉමහත් දායකත්වයක් ලබාදුන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි විශිෂ්ඨ ආදි විද්‍යාරථින්ගේ සේවය ඇගයීමේ අරමුණින් ආරක්‍ෂක ලේකම්වරයා විසින් ‘Hall of Fame’ හි සමාරම්භය ද මෙහිදී එක් කරන ලද සුවිශේෂී අංගයක් වූ බවයි සඳහන් වන්නේ.

ගොඩබිම්, සමුද්‍රීය සහ ගුවන් ආරක්‍ෂක යන අත්‍යවශ්‍ය අංග ඇතුළත් Post Independence Defence Policy ග්‍රන්ථය එළිදැක්වීම සහ සම්මන්ත්‍රණයද එහිදී පැවැත්වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

  • Sithumi
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සීතාවක නගර සභාවේ දෙකක් අල්ලස් දැලේ පැටලෙති . . .

Sat Jun 24 , 2023
අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසල වෙළද සංකීර්ණයෙන් වෙළදසලක් පවරා දීම සදහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල්  ලක්ෂ හතරක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට තැත්කල සීතාවකපුර නගර සභාවේ ලේකම්වරිය සහ ආදායම් පරිපාලක අත් අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. අදාල වෙළදසල තමන්ට පවරා දීමට සහ තම උරුමයෙන් පසු ව්‍යාපාරික හවුල්කාරියට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x