ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් ගොඩබිමට . . .

මුහුදුබත් වූ ටයිටන් සබ්මැරීනයේ ගොඩ ගසා තිබූ සුන්බුන් අතරින් මිනිස් අවශේෂ බවට සැක කෙරෙන කොටස් හමු වූ බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.

මුහුදු අභ්‍යන්තරයේදී පුපුරා ගිය බවට සැක කෙරෙන ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කිහිපයක් කැනඩාවේ සාන්ත ජෝන් වෙරළ ප්‍රදේශයට ගෙනවිත් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුන්බුන් අතරින් හමු වූ දේහ කොටස් අමෙරිකාවට රැගෙන ඒමෙන් අනතුරුව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය නිවේදනය කළේය.

ටයිටන් සබ්මැරීනට කුමක් සිදුවූයේ ද යන්න තවමත් අවිනිශ්චිත බැවින් නැවත මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා පුළුල් විමර්ශන සිදු කරන බව බලධාරීන් සඳහන් කළේය.

පසුගිය සතියේ මෙම ටයිටන් සබ්මැරීනය අනතුරට ලක් වුයේ පුද්ගලයින් 5දෙනෙකු සමග අත්ලන්තික් සාගරයේ මුහුදුබත් වී තිබෙන ටයිටැනික් නෞකාවේ නටඹුන් නැරඹීමට ගිය අවස්ථාවේදීයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෛත්‍රීපාල සිරිසේන යාපනයේ සංචාරයක . . .

Thu Jun 29 , 2023
යාපනයේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (29) යාපනය සර්ව ආගමික නායකයන් හමුවිය. යාපනය නල්ලූර් කෝවිලට ගොස් දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා , යාපනය ශ්‍රී නාග විහාරයට හා යාපනය මොහිදීන් ජුම්මා දේවස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය. ආගමික වතාවත්වලින් අනතුරුව යාපනය ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති මීගහජදුරේ සිරිවිමල නාහිමි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x