ගෑස් මිල පහළට . . .

ලබන 4 වන අඟහරුවාදා සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වීමට නියමිතව තිබේ.

එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ පසුගිය මාසයේ සිදුවූ සංශෝධනයේදී මෙන්ම මෙවර ද ගෑස් මිල අඩුවීමක් සිදුවන බවය.

ලිට්‍රෝ සමාගම පසුගිය මස 4 වැනිදා සිදුකළ මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කෙරුණි.

ඒ අනුව එහි මිල මේ වන විට දැක්වෙන්නේ රුපියල් 3,186ක් ලෙසය. කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,281ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 598ක් ලෙසත් දැක්වේ.

ඉදිරියේ දී මිල සංශෝධනයක් සිදුවිය හැකි බවට ලාෆ් ගෑස් සමාගම ද පසුගිය දා ප්‍රකාශ කළ නමුත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් නිවේදනය කර නොමැත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තේ මිල පහළට . . .

Sun Jul 2 , 2023
තේ මිල අනපේක්ෂිත ලෙස, විශාල වශයෙන් අඩු වී ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් පවසයි. රුපියලේ අගය ඉහළ යාමත්, තේ සැපයුම වැඩිවීම සහ නිෂ්පාදන මිල ගණන් ඉහළ යාමත් ඊට බලපා ඇතැයි ඔහු කීවේය. සාමාන්‍ය තේ කිලෝවක් මිල රුපියල් 1,500ක් පමණ වුවද එය මේ වන විට රුපියල් 1000 පමණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x