වැඩිහිටි කන්දේදී කැබ් රථයක් පෙරළෙයි . . .

කතරගම වැඩිහිටිකන්ද දක්වා බැතිමතුන් රැගෙන යන අතුරු මාර්ගයේදී කැබ් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. ඉහළමළුව සිට පහළමළුව දක්වා ධාවනය වූ බැතිමතුන් රැගත් කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරට ලක්වන අවස්ථාවේ කැබ් රථයේ කාන්තාවන් 07ක් සහ වයස අවුරුදු 10ක ගැහැණු දරුවෙකු සිට තිබේ. අනතුරින් රියදුරුට තුවාල සිදුව නොමැති අතර ගමන්ගත් මගී කාන්තාවන් පිරිස සුළු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පවසන්නේ මෙම අනතුරින් තුවාල ලබා ඇති පිරිස වව්නියාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

කැබ් රථයේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැකපළකරයි.

කතරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගෙවල් සිහිනය බොඳ කල අන්තර්ජාල සමාගම . . .

Mon Jul 3 , 2023
නිවාස ඉදිකිරීම, ඉඩම් මිලදී ගැනීම, ඉතා සහන මිලට සිදු කර දෙන බව පවසමින් සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළකර රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ පුද්ගලික සමාගමක් පවත්වාගෙන ගිය මාලබේ ප්‍රදේශයේ ස්ථානයක් ගනුදෙනුකරුවෝ පිරිසක් විසින් වටලනු ලැබූහ. පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා දැන්වීමක් පළ කර තිබුණේ ඉතා සහන මිලට නව නිවසක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x