ඇඟලුම් අපනයනයේ කඩා වැටීමක් . . .

මෙම වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර්  මිලියන 1843.3 ක මුදලක් උපාය තිබෙන බවත් එය පසුගිය වසරේ ජනවාරි සහ මැයි මාසය සමඟ සසඳන විට සියයට 16.5 ක පහත වැටීමක් බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2206.6 ක් උපයා තිබෙන බව එම දත්ත වාර්තා වල සඳහන් වේ.  ගෝලීය ආර්ථිකය පසුබෑමට ලක්වීම හේතුවෙන් මෙම වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ඉපැයීම් සියයට 14.2 කින් පහත වැටී ඇති බවද එම දත්ත වාර්තාව පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 5 තුළ රෙදිපිළි අපනයන ආදායමද සියයට 3.1 කින් පහත වැටී ඇති බවත් අනෙකුත් නිමකළ රෙදිපිළි ද්‍රව්‍ය සියයට 19 කින් පහත වැටී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නාවින්න රෝහලට කෝටි තුනක අලාභයක් . . .

Tue Jul 4 , 2023
නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයට මිලදීගත් යන්ත්‍ර සහ උපකරණ රැසක් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවැතීම හේතුවෙන්, රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් නාස්ති වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ. මේ අනුව, අවශ්‍යතා නිවැරැදිව හඳුනා නොගෙන සහ නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව මෙම මිලදී ගැනීම් සඳහා දායක වූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x