වසර 08කට පෙර අභිරහස් ලෙස අතුරුදන්ව සිටි තරුණයෙකු නැවත හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ සිදුවීම වාර්තාවන්නේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන්. මීට වසර 08කට පෙර එනම් 2015 වර්ෂයේදී අදාළ තරුණයා සිය නිවසේ සිට සුරතල් සුනඛයින් සමඟ ඇවිදීමට ගොස් සිටි අවස්ථාවක අතුරුදන් වූ බවට වාර්තාවී ඇත. අතුරුදන්වන විට ඔහු 17 හැවිරිදි […]

ලොව පුරා බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනූ චිත්‍රපටයක් වියට්නාමයේදී ප්‍රදර්ශනය කිරීමට තහනමක් පනවා තිබේ. ඒ, අමෙරිකානු “Barbie” චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය ජුලි 21 වන දින වියට්නාමයේ සිනමාහල් වෙත පැමිණීමට නියමිතව තිබුණි. වියට්නාම රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර ඇත්තේ දකුණු චීන මුහුදේ චීනයේ භෞමික හිමිකම් නියෝජනය කරන රේඛා කොටස් සමූහයක් වන “nine-dash line” භාවිත […]

පෘථිවියේ කිලෝමීටර 11 ක් ගැඹුරට හෑරීමට චීනය තීරණය කර තිබෙනවා. චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන සින්හුවා වාර්තා කරන්නේ, මෙම සිදුර පෘථිවියේ ස්ථර 10කට වඩා වැඩි ප්‍රමාණයක් හරහා ගොස් වසර බිලියන ගණනකට පෙර ක්‍රිටේසියස් යුගයේදී නිර්මාණය වූ ස්ථර වෙත ළඟා වනු ඇති බවයි. ව්‍යාපෘතිය සඳහා දින 457ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන […]

නුගේගොඩ දෙල්කඳ හංදියේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරිකින් 180,000ක් වටිනා කිරි බෝතල් තොගයක් සොරා ගත් සැකකරුවන් සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. එලෙස සොයාගත් කිරි බෝතල් තොගයෙන් බෝතල් 12 ක් සහ සොරකමට යොදාගත් ලියාපදිංචි අංකය වෙනස් කරන ලද ත්‍රිරෝද රථය ද පොලිස් […]

නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයට මිලදීගත් යන්ත්‍ර සහ උපකරණ රැසක් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවැතීම හේතුවෙන්, රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් නාස්ති වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ. මේ අනුව, අවශ්‍යතා නිවැරැදිව හඳුනා නොගෙන සහ නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව මෙම මිලදී ගැනීම් සඳහා දායක වූ […]

මෙම වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර්  මිලියන 1843.3 ක මුදලක් උපාය තිබෙන බවත් එය පසුගිය වසරේ ජනවාරි සහ මැයි මාසය සමඟ සසඳන විට සියයට 16.5 ක පහත වැටීමක් බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ. පසුගිය වසරේ ජනවාරි මස සිට […]

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ප්‍රසිද්ධ නොකළ ව්‍යාපෘතියක දර්ශන තලයක සිදුකළ රූගත කිරීමක් අතරතුරදී අනතුරකට මුහුණ දී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් ශාරුක් ඛාන්ගේ නාසයෙන් ලේ ගැලීමක් සිදුව ඇති බවයි. එම අවස්ථාවේදී කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී ඔහුව ලොස් ඇන්ජලීස් නුවර රෝහලකට […]

කන්තලේ නගරය හරහා අද දහවල් හමාගිය තද සුළගකින් නගර මධ්‍යයේ පිහිටි ටෙලිකොම් සන්නිවේදන කුළුණ ඒ අසළ පිහිටි තැපැල් කාර්යාලයේ වහලය මතට කඩා වැටිමෙන් පස් දෙනකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි. රෝහල් ගතකළ තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන අතර ඔවුන් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් වෛද්‍ය […]

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලබාදී ඇති බව වාර්තා වේ. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබේ. එම මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා […]

ප්‍රංශ රජයේ සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරෙන කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්ත ශාලා හයෙන් එකක් වාරියපොළ මින්හෙට්ටියේ දී අද (4)විවෘත කෙරිණි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය විසින් මෙම  කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්තශාලා හය ස්ථාපිත කිරීමට නියමිතය. මෙම කර්මාන්තශාලාව සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.