බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමිම් ඉක්බාල් ජාත්‍යන්තර පිටියට සමු ගැනීමට තීරණය කර තිබේ. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ වසර 16ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට හදිසියේ තිත තබමින් ඉන්දියාවේදී ආරම්භ වීමට ලෝක කුසලානයට මාස තුනකට පෙර බංග්ලාදේශ එක්දින නායක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කර ඇති බවයි. මාධ්‍ය […]

සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 300 කින් අඩුකිරීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අද (6)  පැවසීය. ඩොලරයේ වටිනාමක අඩු වීම පිළිබඳව අවදානය යොමු කර සිමෙන්ති සමාගම් සමඟ සාකච්ඡා කර මෙම එකඟතාවට පැමිණි බවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිඹිදීමක් සඳහා යකඩ, ටයිල්, ඇලුමීනියම් සහ වයර් ආදී භාණ්ඩ […]

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට සිසුවියන්  දෙනෙකු ඇතුළත් කිරීමට ව්‍යාජ ගුරු පුහුණුවක ඇතුලත් කිරීමට ග්‍රාම සේවා සහතික නමයක් සකස් කළේ යැයි කියන ග්‍රාම නිලධාරීවරයෙක් මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ 58 හැවිරිදි වියේ පසුවන වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරී […]

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත වරදකරු වූ නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද (06) මරණීය දණ්ඩනය නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ විසින් මෙම තීන්දු ලබා දී ඇත. කොකේන් ග්‍රෑම් 245 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ලව තිබේ.  

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දැමෙනු ඇත. එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3690කි. මේ අතර කිලෝග්‍රෑම් 5 […]

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පසුව සංශෝධන ඇතුළත් කිරීමට යටත්ව  පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත  කෙරිණ. මේ අනුව පනතට සංශෝධන ඇතුළත් කිරීම සඳහා කාරක සභා අවස්ථාව ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතය. දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දෙවන දිනයටත් පැවැත්විණ. විවාදයෙන් අනතුරුව අදහස් දැක්වූ සභානායක අමාත්‍ය සුසිල් […]

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 11% සහ 12% දක්වා පදනම් අංක 200 කින් තවදුරටත් අඩු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අතර පෙරේදා දිනයේ පැවති බැඳුම්කර වෙන්දේසියේ දී බැඳුම්කර සඳහා වන පොලිය විශාල වශයෙන් පහළ ගොස් තිබේ. එක් දිනක් තුල […]

පසුගියදා නිවාස ඉදිකර දෙන බව හා ණය පහසුකම් ලබා දෙන බව පවසමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කල සිදුවීමක් වාර්තා වුණා. පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එම ජාවාරමේ මහ මොලකරු බව කියන පුද්ගලයා සම්බන්ධව යම් තොරතුරක් දන්නා අයකු වෙතොත් 0718591641, 0718137373, 0112852556 යන අංකවලට දැනුම් දෙන ලෙසයි. Sewvandhi

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.