රෝහල්වල ඖෂධ සියයට සියයක් ආරක්ෂිත නෑ . . .

රෝහල්වල පාවිච්චි කරන ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැති බව  සෞඛ්‍ය හිටපු  අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

හැම ඖෂධයකින්ම  සියයට 00.1 ක හෝ අතුරු ප්‍රතිඵල පැමිණීමේ හැකියාව තිබෙන බව ඔහු සඳහන් කළේය.

ඖෂධ හේතුවෙන් ආසාත්මිකතා දිනකට සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තා වන බව පැවසූ ජයසුමන නිර්වින්දන ක්‍රියාදාමය නිසාද  සංකූලතා ඇතිවිය හැකි බව ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සැලකිය යුතු ඖෂධ ප්‍රමාණයක් නැවත කැඳවා ඇති බවත් ඖෂධ වල ප්‍රශ්නයක් ඇතැයි  ඉන් පැහැදිලි වන බවත් ඔහු කීවේය.

ඒ ඖෂධ වලින් වැඩි ප්‍රමාණයක් හදිසි මිලදී ගැනීම් යටතේ ගෙන ආ ඒවා බව මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

මේ සම්බන්ධයෙන් ඖෂධ විද්‍යාත්මක විගණනයක්  කළයුතු බව  ඔහු පෙන්වා දුන්නේය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බිත්තර පාලන මිල ඉවතට . . .

Tue Jul 25 , 2023
අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කර තිබේ. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය බව වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කරයි.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x