ඉන්ධන හිඟයෙන් මැයි දින පෙළපාලිය අවලංගු කරයි . . .

කියුබාව කම්කරු දිනය වෙනුවනේ සෑම වසරකම පවත්වනු ලබන සාම්ප්‍රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කිරීමට එරට කොම්යුනිස්ට් රජය කටයුතු කරන ඇත. කියුබාවේ පවතින ඉන්ධන හිඟය එයට හේතු විය.

කියබානු විප්ලවයෙන් පසුව පුරා වසර 60කට වඩා වැඩි කාලයක් සෑම වසරකම කම්කරු දිනයේදී මැයි දිනය සැමරීම සඳහා දහස් සංඛ්‍යාත කියුබානුවන් පිරිසක් හවානා විප්ලව චතුරශ්‍රයට එකතු වූහ. දීර්ඝ කාලයක් පවත්වා ගෙන ආ සම්ප්‍රදාය කඩ කරමින් මෙවර මැයි දින පෙළපාලිය ප්‍රථම වතාවට අවලංගු කිරීමට කියුබානු රජය කටයුතු කර ඇත.කියුබානු විප්ලවය 1959 වසරේදී දියත් කරන ලදි.

පසුගිය සති කීපයේදී කියුබාවේ ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් දක්නට ලැබුණු අතර ඉන්ධන ලබා ගැනීම සඳහා රියදුරෝ දවස් ගණන් පෝලිම්වල රැඳී සිටියහ.

කියුබාවේ ඉන්ධන අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක් පමණක් ලැබෙන බවත් සැපයුම්කරුවන් ගිවිසුම්ගත බැඳීම් සපුරාලීමට අපොහොසත් වී ඇති බවත් පසුගිය අප්‍රේල් මස මුලදී කියබානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දුම්රියක් ගිනි ගනී . . .

Mon May 1 , 2023
පුත්තලම පාලවියෙ සිට අරුවක්කාළු හුණුගල් කොරිය වෙත හුණුගල් ප්‍රවාහනයට යමින් තිබු දුම්රියක ඇන්ජීම හදිසියෙ ගිනි ගැනිමට ලක් විමේන් පසු එම දුම්රිය පුත්තලම කුරුණෑගල මාර්ගය වැසියන ලෙස නැවති විනාඩි 30 කට ආසන්න කාලයක් එම මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවති ගිය බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. මෙසේ එන්ජීම ගිනි ගැනිමටකට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x