පාකිස්තානයේ කරච්චි ලොව ජීවත් වීමට නුසුදුසු නගර පහ අතරට ශ්‍රේණිගත කර ඇති බව වාර්තා වේ. Economist Intelligence Unit (EIU) ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය ජීවත්වීමේ දර්ශකයට(Global Livability Index 2023) අනුව කරච්චි, ලොව නගර 173 කින් 169 වැනි ස්ථානයට පත්ව ඇත. ලාගෝස්, ඇල්ජරීස්, ට්‍රිපෝලි සහ දමස්කස් පමණක් කරච්චියට වඩා පහළින් ශ්‍රේණිගතව සිටී. […]

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට ඩෙන්මාර්ක ජාතික විරෝධතාකරුවෝ දෙදෙනෙක් ශුද්ධ වූ කුරානයේ පිටපතකට ගිනි තැබූහ. කුරානයේ පිටපතක් මෙසේ ගිනි තැබුවේ, ‘ඩෙන්මාර්ක දේශප්‍රේමියෝ’ නමැති සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකි. කුරානයේ පිටපත ගිනි තබද්දී ඒ අසල බිම ඉරාක ධජයක් ද තබා තිබුණි. විරෝධතාකරුවන් මෙසේ කුරානයේ පිටපතක් ගිනි තැබීම කළේ නිදහසේ අදහස් ප්‍රකාශ […]

මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාසවල ජල – විදුලිය මෙන්ම දුරකථන ගාස්තු සඳහා මුදල් වෙන් නොකිරීමට ජනාධිපති කාර්යාලය විසින් තීරණය කර තිබෙනවා. අද (24) පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයකුගේ කාර්යමණ්ඩල ප්‍රධානියකු විසින් පසුගිය මාසයට අදාල බිල්පත් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී, නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව මින් ඉදිරියට අදාල බිල්පත් […]

හන්තාන අධි සංවේදී පරිසර කලාපයේ ඉඩම් කැබලි 20 ක් කොටස් කිරීමට ගෙන තිබූ තීරණය වහාම නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ විසින් නියෝග කොට තිබේ . ආණ්ඩුකාරවරයා එම නියෝගය නිකුත් කොට සිටියේ අද (25) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මධ්‍යම පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය . හන්තාන […]

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට දුරකතන සේවා  සමාගමකින්  2018 සහ 2021 වසරවලදී   ලබාදී තිබු ටැබ් පරිගණක යන්ත්‍ර 950 ක් සහ  සිම්පත්  කිසිදු අනුමැතියකින් තොරව එම අධිකාරියේ විවිධ තනතුරු දරන නිලධාරීන් බෙදා ගෙන තිබූ  බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. සේවයෙන්  ඉවත්වූ  නිලධාරීන් 35 දෙනකුගෙන් […]

ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක්කර තිබේ. එම අවස්ථාව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි. රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇතිවූ අමතර කොටස් හිඟය සහ මිලදීගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ඉවත් කර තිබූ […]

අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කර තිබේ. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය බව වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කරයි.  

රෝහල්වල පාවිච්චි කරන ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැති බව  සෞඛ්‍ය හිටපු  අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පැවසීය. හැම ඖෂධයකින්ම  සියයට 00.1 ක හෝ අතුරු ප්‍රතිඵල පැමිණීමේ හැකියාව තිබෙන බව ඔහු සඳහන් කළේය. ඖෂධ හේතුවෙන් ආසාත්මිකතා දිනකට සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තා වන බව පැවසූ ජයසුමන නිර්වින්දන ක්‍රියාදාමය නිසාද  සංකූලතා ඇතිවිය […]

වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින්ට කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින්  අද (25) නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, පොලිස් මුලස්ථානය, කොටුව දුම්රිය ස්ථානය සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවතට අද උදෑසන 9 සිට සවස 6 දක්වා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.