කුරානයේ පිටපතකට ගිනි තබති . . .

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට ඩෙන්මාර්ක ජාතික විරෝධතාකරුවෝ දෙදෙනෙක් ශුද්ධ වූ කුරානයේ පිටපතකට ගිනි තැබූහ.

කුරානයේ පිටපතක් මෙසේ ගිනි තැබුවේ, ‘ඩෙන්මාර්ක දේශප්‍රේමියෝ’ නමැති සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකි. කුරානයේ පිටපත ගිනි තබද්දී ඒ අසල බිම ඉරාක ධජයක් ද තබා තිබුණි. විරෝධතාකරුවන් මෙසේ කුරානයේ පිටපතක් ගිනි තැබීම කළේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි පෙන්වා දෙමිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉරාක විදේශ අමත්‍යාංශය යුරෝපා සංගමයට දැනුම් දී ඇත්තේ, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතත්, ශුද්ධ වූ කුරානයේ පිටපත් ගිනි තැබීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කරච්චි ලොව ජීවත් වීමට නුසුදුසු නගර පහ අතරට . . .

Tue Jul 25 , 2023
පාකිස්තානයේ කරච්චි ලොව ජීවත් වීමට නුසුදුසු නගර පහ අතරට ශ්‍රේණිගත කර ඇති බව වාර්තා වේ. Economist Intelligence Unit (EIU) ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය ජීවත්වීමේ දර්ශකයට(Global Livability Index 2023) අනුව කරච්චි, ලොව නගර 173 කින් 169 වැනි ස්ථානයට පත්ව ඇත. ලාගෝස්, ඇල්ජරීස්, ට්‍රිපෝලි සහ දමස්කස් පමණක් කරච්චියට වඩා පහළින් ශ්‍රේණිගතව සිටී. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x