හරීන්ගේ බලු පැටවා රැගෙන ගිය බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි . . .

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ට අයත් සුඛෝපභෝගි බස් රථයක් හපුතලේ ප්‍රදේශයේ දී ඊයේ දිනයේ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු හා ඇමතිවරයාට අයත් සුරතල් බලු පැටියා පමණක් එහි සිට ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

අනතුරෙන් බස් රථයට හානි සිදු වී තිබුණද රියදුරුට හෝ බලු පැටවාට අනතුරක් සිදුවී නොමැති බවයි පොලිසිය කියා සිටියේ.

මෙම බස් රථය බලු පැටවාට ඇති වී තිබෙන අසනීපයකට ප්‍රතිකාර ගැනීමට කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කරමින් සිටියදී මෙම බස් රථය පෙරළී ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා බවයි පැවසෙන්නේ.

මෙම බස් රථය ඇමැතිවරයා විසින් වෙන් කර ඇත්තේ සුරතල් බලු පැටවුන් ප්‍රවාහනය සඳහා යැයි රියදුරා පවසා තිබෙන අතර, මෙම අමාත්‍යවරයාට සුරතල් බලු පැටවුල් රැසක් සිටින බවද රියදුරා විසින් සඳහන් කර තිබේ.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වසන්ත මුදලිගේ අත්අඩංගුවට . . .

Thu Jul 27 , 2023
  කුරුඳුවත්ත පොලීසිය විසින් බොරැල්ල කනත්ත ආසන්නයේදී අද (27) අන්තර්  විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවකදී ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළව ඔහුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. Sewvandhi  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x