මත්ද්‍රව්‍ය චෝදනාවන්ට කුවෙට් හිරගෙදර සිටින ශ්‍රී ලාංකිකයින් . . .

විවිධ චෝදනා හේතුවෙන් කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 143 න් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා මත සිරගතව සිටින බවත් එම සංඛ්‍යාව සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 80 ක් පමණ වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනරත් යාපා අද (28) පැවසීය.

මත්ද්‍රව්‍ය චෝදනාවට වැරදිකරු වූ වී කුවේට්හි ඊයෙ (27) එල්ලා මැරූ ශ්‍රී ලාංකිකයා සතුව තිබිණි අයිස් නැමති මත්ද්‍රව්‍ය කිලෝඑකහමාරක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් තිබී එරට ආරක්ෂක අංශ සොයා ගෙන ඇති බවත් අදාළ පුද්ගලයා 2019 වසරේ අත්අඩංගුවට ගෙන ඇති බවත් යාපා කීය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී 2016 වසරේ ගෘහ රියැදුරකු ලෙස මෙම පුද්ගලයා කුවේට් රැකියාවට ගොස් ඇති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහුගේ අවසන් ඉල්ලීමට අනුව ඔහුගේ දේහය එප්පාවල පිහිටි ඔහුගේ මව පදිංචිව සිටින නිවසට භාරදීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පඬු කරඳ ගස ගොඩගනියි . . .

Sat Jul 29 , 2023
දාරළුව ප්‍රදේශයේ සංරක්ෂණය කිරීම සඳහා පියවර ගෙන තිබියදී නීතිවිරෝධීව කපා වළ දමා අති කෲඩියා සෙලනිකා ලෙස විද්‍යාත්මක නායමයෙන් හඳුන්වන පඬුකරඳ ගස එම ස්ථානයෙන් ගොඩගැනීම ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක ඉදිරියේ ඊයේ (28) සිදුකෙරිණි. ඒ අනුව එම ගස ගොඩගෙන විශාල ටිපර් රථයකින් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට රැගෙන ගොස් පස්වරු 4.30ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x