විවිධ චෝදනා හේතුවෙන් කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 143 න් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා මත සිරගතව සිටින බවත් එම සංඛ්‍යාව සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 80 ක් පමණ වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනරත් යාපා අද (28) පැවසීය. මත්ද්‍රව්‍ය චෝදනාවට වැරදිකරු වූ වී කුවේට්හි […]

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් මුලතිව් රෝහලේදී සිදු කළ සැත්කමකින් පසුව මවකගේ උදරයේ තිබී කිලෝ ග්‍රෑම් එකක් පමණ බර ගෝස් කැබැල්ලක් හමු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ස්වාමි පුරුෂයෙකු 27 වනල්දා ඉල්ලීමක් කොට තිබෙනවා. මෙහිදී,  බිරිදගේ ස්වාමී පුරුෂයා සඳහන් කර ඇත්තේ, දරු ප්‍රසූතියක් සදහා මුලතිව් රෝහලට ඇතුළත් කළ […]

පරිගණක කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කෙරෙන පුවත් නිවේදිකාවන් ලොවට අරුමයක් නොවෙයි. ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ රූපවාහිනී නාළිකාව ද ‘ලීසා’ නමින් සුරූපී පුවත් නිවේදිකාවක් නිර්මාණය කර ඇති අතර, ඇය මේ වනවිට පුවත් මැවීමට සමත් වී ඇත. ඔඩීෂා ප්‍රාන්ත වැසියන් ලීසා ගැන අදහස් දක්වමින් පවසා ඇත්තේ තම ප්‍රාන්තයේ පුවත් නාළිකාවක් කෘත්‍රිම […]

මගී යාත්‍රාවක් පිලිපීනයේ මැනිලා නුවර ආසන්නයේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම යාත්‍රාව පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ දී එම යාත්‍රාවේ සිටි මගීන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැති නමුත් අනතුරින් පසු එහි සිටි 40 […]

මේ වසරේ ජුලි මාසය ස්ථිර වශයෙන්ම ලොව උණුසුම්ම මාසය වනු ඇති බව විද්‍යාඥයින් පවසයි. ලෝකය පුරා තාප තරංගවල බලපෑම හේතුවෙන් උෂ්ණත්වය වාර්තාගත ලෙස මේ වනවිට ඉහළ ගොස් තිබේ. ඇතැම් විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ පසුගිය වසර 120,000 තුළ ජුලි මාසය උණුසුම්ම මාසය විය හැකි බවය. 2019 උණුසුම්ම වසර ලෙස වාර්තාගත වී තිබුණි. කොපර්නිකස් […]

සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹදී  පැවසීය. අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ජනතා සවෛරීත්වය, පරමාධිපත්‍යය සහ ජන වරම බැවින්  රජයට රට ගොඩනැගීමට  නොහැකි නම් ජන වරමකට යා යුතු බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය. ජනතාව ඉල්ලා සිටින මැතිවරණ අයිතිය ලබා දීමට රජය කටයුතු කළ යුතු […]

මුලතිව් , කොක්කුතුඩුවායි ප්‍රදේශයේ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබා දෙන ලෙස ඉල්ලා උතුරු පළාතේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ සිය ව්‍යාපාරික ස්ථාන වසාදමා අද හර්තාලයක නිරත වූහ. හර්තාලයට සහය පලකරමින් උතුරු පළාතේ ධාවනය වන පෞද්ගලික බස්රථ , ත්‍රීරෝධ රථ සහ වෙනත් පොදු ප්‍රවාහන සේවා ධාවනයෙන් ඉවත්ව සිටීම හේතුවෙන් පාසල් අධ්‍යන කටයුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.